බණ්ඩි පොහොර නැව 2 වැනිදා වරායට

89

බණ්ඩි පොහොර (MOP- Muriate of Potash) මෙට්‍රික්‌ ටොන් 41,876ක් රැගත් නෞකාව දෙසැම්බර් මස 02 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. එම පොහොර තොගය කැනඩාවේ සිට මෙරටට ආනයනය කරන්නකි.

මෙම පොහොර තොගය මිල දී ගනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් වශයෙනි. බණ්ඩි පොහොර වී වපුරා හෝ පැළ සිටුවා සති 04 හා 06 වශයෙන් අවස්ථා දෙකක දී යෙදිය යුතුය. මෙවර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හෙක්ටෙයාර් 01ක් සඳහා නිර්දේශිත බණ්ඩි පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 60කි. එම ප්‍රමාණය මුර දෙකක් තුළ කිලෝ ග්‍රෑම් 25 හා 35 යන ප්‍රමාණයන්වලින් ගොයමට යෙදිය හැකිය.
උපාලි ද සේරම් සහ අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment