බත් – කොත්තු – රයිස්වල මිල 20% කින් අඩු කළා

175

අසේල සම්පත්

බත් පැකට්ටුව, කොත්තුව, ෆයිඩ් රයිස් ඊයේ (05 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 20 කින් මිල පහත දැමූ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ ට පැවසීය.

මීට අමතරව රුපියල් සියයක්ව පැවැති කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින්ද රුපියල් 40 ක්ව පැවැති ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්ද අඩු කළ බව ද හෙතෙම කීය. එලෙස අලෙවි නොකරන ආපනශාලා ඇත්නම් එම ආපනශාලාවල ඡායාරූපයක් ගෙන 0788 – 714126 ට වට්ස්ඇප් කරන ලෙස හෙතෙම පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී. නිදියගෙන සිටින පාරිභෝගික අධිකාරිය දැන්වත් අවදිවී ආපනශාලාවලින් මහජනතාවට සහන සලසන්නේද යන්න සොයා බැලිය යුතුව ඇතැයි ද හේ වැඩිදුරටත් කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment