බද්දෙන් බැටකන වෘත්තිකයන් රට හැර යනවා – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

154

මේ මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තිකයන්ගේ වැටුපෙන් බදු ලෙස විශාල මුදලක් අය කර ගැනීමේ රජයේ තීරණයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තිකයන් විශාල පිරිසක් රට හැර යෑමේ සූදානමක් පවතින බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට කියයි.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා කිසිවක් පසුගිය වසර හතක පමණ කාලයක සිට ලබා දීමට පියවර නොගත් පසුබිමක අත්‍යවශ්‍ය භාණ්ඩ බිල, ඉන්ධන බිල, විදුලි බිල, දුරකථන බිල්පත්, බැංකු පොලී අනුපාත විශාල ලෙස ඉහළ නැංවීමෙන් මෙරට වෘත්තිකයන් බරපතළ දුෂ්කරතාවන්ට ලක්ව ඇතැයි ද සංගමය කියයි.

තත්ත්වය එසේ තිබිය දී 2023 අයවැය මගින් මෙරට වෘත්තිකයන්ගේ වැටුපෙන් විශාල මුදලක් අය කර ගැනීමට යෝජනා කර ඇති බවත් එම බදු ප්‍රතිපත්තිය අසාධාරණ බවත් එය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment