බද්ද නිසා වෛද්‍යවරු 700 ක් රට හැර ගිහින්

243

වෛද්‍ය හරිත අලුත්ගේ

රටේ මතු වී තිබෙන ආර්ථික අර්බුය හා උපයනවිට බදු අයකිරීමේ ප්‍රතිපත්තිය ඇතුළු කරුණු මුල්කර ගෙන මේ වනවිට රජයේ වෛද්‍යවරුන් හත්සියයක් පමණ රට හැර ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මෙලෙස රට අතහැර යන වෛද්‍යවරුන් අතර විශේෂඥ වෛද්‍යවරුන් ද සිටින බව ඒ මහතා කියා සිටියේය. රට පුරා ළමා මන්දපෝෂණය පිළිබඳ විවිධ මාධ්‍ය මගින් හෙළි කරන මොහොතේ අනුරාධපුරය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවේ වෛද්‍යවරුන් හතර දෙනාම රටහැර ගොස් ඇතැයි ද අලුත්ගේ මහතා කීය.

රට පුරා ම රෝහල්වල වෛද්‍යවරුන් රට අතහැර යන ප්‍රවණතාව මීට පෙර කිසි කලක නොතිබූ තත්ත්වයක් යැයි ඒ මහතා පැවසීය.

තමන්ට වැඩ වර්ජන කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති මුත් තම ඉල්ලීමට ඇහුම්කන් නොදෙන්නේ නම් සියලු වෘත්තීය සමිති සමග වර්ජනයට යන බව ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment