බදියුදීන් නිවසේ දිවි නසාගත් දැරිය ගැන අපක්ෂපාතී වන්න-සජබ

274


පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී සිය දිවි හානි කර ලත් දැරිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂනයක් පවත්වන්නැයි සමගි ජන බලවේගය ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරම්න් ඒ බව කියා සිටින එම පක්ෂය එමගින් වැඩිදුරටත් මෙසේද කියයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ නිවසේ සේවය කල දැරියක් සියදිවි හානි කර ගැනිම පිළිබඳව මාධ්‍ය තුල විවිධ මතවාද පලවේග මෙම සිදුවීම දේශපාලනීකරණය කිරිමට ඇතැම් පාර්ශව උත්සාහ දරමින් සිටිග ජාතිවාදි මුහුණුවරකින් මෙම ඛේදනීය සිදුවීම භාවිතා කිරිමට ද තවත් අයවලුන් උත්සාහ දරයිග මෙම දෙපාර්ශවයේම අරමුණ අප තරයේ හෙලා දකිමුග

මෙම සිදුවීම පිළිබඳව සාධාරන පරික්ෂණයක් පවත්වා නොපමාව නීතිය ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. වින්දිත පාර්ශවයන්ට සාධාරණයක් ඉටු කලහැකි වන්නේ එවැනි ක්‍රියා දාමයකින් පමණිග එවැනි ක්‍රියාදාමයක් තුල සමාජය තුල වැරදි තොරතුරු පැතිරීම වැලැක්වීමටත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කිරිමටත් හේතු වන බව පෙන්වා දෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment