බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 කට දැඩි හිංසන… ඇතැමුන්ට ලිංගික අතවර කරලා.. ඇමැති නිල නිවස ඇතුළෙත් අතවර…

1503

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා මීට ඉහතදී වතුකරයෙන් රැුගෙන ආ තරුණියන් 11 දෙනකු දැඩි හිංසනයට සහ ඉන් ඇතැම් දෙනකු ලිංගික අතවරයන්ට ලක්වී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.
 
 මේ ආකාරයට හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් තබූ තරුණියක බම්බලපිටිය ප‍්‍රදේශයේ දී අබිරහස් අන්දමින් දුම්රියට පැන සියදිවි හානිකර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
 
 එමෙන්ම රිෂාඞ් බදියුදීන් පසුගිය රජය සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරද්දී ඇමැති නිල නිවසේදීම තරුණියක දූෂණයට ලක්වී ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
 
 එම තරුණිය දූෂණයට ලක්කර ඇත්තේ රිෂාඞ් බදියුදීන්ගේ මස්සිනා (බිරිඳගේ සොහොයුරු* විසින් බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
 
 මෙසේ අතවරයට ලක්වූ තරුණිය තමන්ට අතවර කළ නිල නිවස සහ එහි කාමරය පවා පොලිසියට පෙන්වා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
 හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරිය අබිරහස් අන්දමින් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාගේ බිරිඳ, මස්සිනා, මාමණ්ඩිය සහ දැරිය රැුගෙනආ බ්‍රෝකර්වරයා පොලිසිය මගින් ඊයේ (23 වැනිදා* අලූයම අත්අඩංගුවට ගනු ලැබීය.
 
 ඇමැති නිල නිවසේදී තරුණියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ ඊයේ අලූයම මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ රිෂාඞ් බදියුදීන්ගේ මස්සිනාට (බිරිඳගේ සොහොයුරු* බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.
 
 මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට රැුගෙන ආ තරුණියන් සහ බාලවයස්කාර දැරියන් ලිංගික අතවරයට සහ දැඩි හිංසනයන්ට ලක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියක වන වරුණි බෝගහවත්ත මහත්මිය පත් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත.
 
 ඒ අනුව රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අතවරයට ලක්වූ තරුණියන් පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා වරුණි බෝගහවත්ත මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් වතුකරය බලා පිටත්ව ගොස් තිබේ.
 
 පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට වතුකරයේ සිට මෙම තරුණියන් සියලූ දෙනා රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා ගෙනැවිත් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන බ්‍රෝකර්වරයා විසින්ය.
 
 මෙහෙකාර සේවය සඳහා තරුණියන් සහ දැරියන් රැුගෙන එද්දී බ්‍රෝකර්වරයාට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදීමට ද ඇමැතිවරයා කටයුතු කර තිබූ බවද හෙළිවී තිබේ.
 
 බාලවයස්කාර දැරිය අබිරහස් අන්දමින් ගිනිතබාගෙන සිය දිවි හානිකරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත අද (24 වැනිදා* ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 මෙසේ ගිනි තබාගෙන සියදිවි හානිකරගත් බාලවයස්කාර දැරිය ද ලිංගික අතවරයට ලක්ව සිටි බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.
 
 මෙම දැරියට මාස 8කින් සිය නිවසට යෑමට ඉඩ ලබාදී නොතිබුණු අතර ඇයට පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ සිය මව්පියන්ට දුරකථන ඇමතුමක් පවා ලබාදීමට ඉඩ දී නොතිබුණු බව හෙළිවී ඇත.
 
 මෙම දැරිය හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවස පිටුපස වෙනම පිහිටි කුඩා කාමරයක නතර කර තබා ඇති අතර එම කාමරයේ විදුලි එළියක් පවා තිබී නැති බව අනාවරණය වී තිබේ.
 
 රාතී‍්‍ර 10.30ට මෙම දැරිය එම කාමරයට දමා දොර වසා දමන බවත් පසුදා අලූයම 5.30ට එම කාමරය විවෘත කර ඇති බවත් හෙළිවී තිබේ.
 
 ඒ අතර කාලයේදී ඇයට වැසිකිළියට පවා යෑමට ඉඩකඩ ලබාදී නොතිබූ බවද අනාවරණය වී ඇත.
 
 මෙම දැරිය මෙහෙකාර සේවයට රැුගෙන ආ බ්‍රෝකර්වරයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන අතර වැදගත් තොරතුරු රැුසක් අනාවරණය කරගෙන තිබේ.
 
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යති.
 
 
 හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment