බදුල්ලේ දිය ඇලි සක්‍රීය වී සුන්දරව කඩා හැලේ

82

මාස තුනක පමණ කාලයක් ඇදහැලුණු වර්ෂාවත් සමග කලක සිට සිඳී යමින් පැවති දිය ඇලි රැසක් යළි සක්‍රීය වී සුන්දරව කඩා හැලෙන බව මේ දිනවල වැලිමඩ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා අයට දැක ගැනීමට හැකියාව ලැබී තිබේ.

පැවති වර්ෂාව අඩු තත්ත්වය හා නොයෙක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම කුඩා දිය ඇලි සිඳී යමින් පැවති අතර ඒවා මේ දිනවල සුදෝ සුදු පැහැයට පෙණ නගිමින් ගල්පර අතරින් කඩා හැලෙමින් ගෙන එන්නේ මනරම් දසුනකි.

වැලිමඩ සිට ඇටම්පිටිය හරහා බදුල්ල බලා යන අයට මාර්ගය ආසන්නයේ ඇති මෙම කුඩා දිය ඇලි 4 ක් පමණ මාර්ගයේ සිටම නැරඹීමට හැකි අතර මෙම සුන්දරත්වය රැක ගැනීම ජනතාවගේද වගකීමකි.
බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment