බදුල්ලේ රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයෙන් රෝගී ජීවිත මරුකටේ

124

බදුල්ල ඌව පළාත් මහරෝහලේ සහ පර්යන්ත රෝහල්වල පවතින ඖෂධ හ`ිගය නිසා නේවාසික රෝගීන් සහ සායනික රෝගීන් විශාල පිරිසකගේ ජීවිත අවදානමකට ලක්වී ඇතැයි එහි වෛද්‍යවරු පවසති.

මේ දිනවල රෝහලේ වාට්ටු රෝගීන්ගෙන් පිරී ගියත් ප්‍රතිකාර සඳහා බරපතළ ඖෂධ හිඟයක් ඇතැයි පවසන බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් පාලිත රාජපක්ෂ මහතා, හදිසි ප්‍රතිකාර ඒකකයටත්, දැඩි සත්කාර ඒකකයට සහ හෘද රෝග සඳහාත් අවශ්‍ය ඖෂධ දැඩි ලෙස හිඟ බව ද පැවසීය.

සායන රෝගීන්ගේ ඖෂධ හිඟය ද එලෙසම බරපතළ බව පැවසූ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතැම් ඖෂධ ප්‍රදේශයේ ෆාමසිවල පවා නොමැති බව ද සඳහන් කළේය.

බදුල්ල නගරයේ ඖෂධ අලෙවි සල් හිමියන් කියාසිටියේ ඇණවුම් කරන ඖෂධවලින් තමන්ට ලැබෙන්නේ සියයට හැටක් හැත්තෑවක් පමණක් වන අතර අවශ්‍ය සියල්ලම නොලැබෙන බවයි.

බදුල්ල මහ රෝහලේ සායනවලින් නොලැබෙන ඖෂධ පෞද්ගලික බෙහෙත් අලෙවි සල්වලින් මිලදී ගන්නා බවත් ඒවායේ අධික මිල දරා ගත නොහැකි බවත් රෝගීහු කියති.

බොහෝවිට තමන් ඉල්ලා සිටින වෛද්‍යවරුන් නියම කළ ඖෂධය (ඊර්බාැා) නොමැති බව කී ඔවුන් අධික මිල නොතකා බෙහෙත් අලෙවිසල් හිමියන් නිර්දේශ කරන විකල්ප ඖෂධ මිලදී ගැනීමට සිදුවී ඇති බව ද කීහ.

ඖෂධ මිල අධික හෙයින් සමහර සායනික රෝගින් නිර්දේශිත මාසයක ප්‍රමාණය මිලදී නොගන්නා බව ද ඖෂධහල් හිමියෝ තවදුරටත් කියා සිටිති.

බදුල්ල – එච්.එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment