බදුල්ලේ වැස්සෙන් පාරවල් රැසක් සෝදාපාළුවට

104

බදුල්ල දිස්ත්‍රික්කයට මේ දිනවල සවස් කාලයේ ඇදවැටෙන මහ වැසි හේතුවෙන් ග්‍රාමීය මාර්ග රැසක් සෝදාපාළුවට ලක්වී වාහන ගමනාගමනය අසීරු වී ඇතැයි ප්‍රද්ශවාසීහු පවසති.

ඉන් වඩාත් අබලන් තත්ත්වයට පත්වී ඇත්තේ පැති කාණු පද්ධතිය ගොඩ වී කැලෑවට ගොස් ඇති මාර්ග බව ඔවුන් තවදුරටත් පවසති.

බදුල්ල සිට ආරම්භ වන ජනාකීර්ණ ගම් රැසකට පිවිසෙන කළුගල්පිටිය, හිඟුරුගමුව, දුණුවංගිය  හරහා ඇති බුලත්වත්ත සහ කදන දක්වා ඇති ග්‍රාමීය බස් මාර්ගය වැසි ජලයෙන් යටවී වාහන ගමනාගමනය පවා අසීරුවී තිබූ අන්දමයි.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment