බදුල්ල  මහ රෝහලේ ජීවිතාරක්‍ෂක  බෙහෙත් නෑ – රෝගීහු මරු කටේ

188

ඉතාමත් අවදානම් රෝග රැසකට ප්‍රතිකාර කිරීමට ගන්නා ජීවිතාරක්‍ෂක ඖෂධවල උග්‍ර හිඟයක් බදුල්ල ඌව පළාත් මහ රෝහලේ පවතී.

 නියමිත ඖෂධ වර්ගය නොමැතිවිට ආදේශක ඖෂධ භාවිත කිරීමටත්, ශල්‍යකර්මවලදී සහ අස්ථි බිඳීම් ආදියේ දී අවශ්‍ය දේ නොව තියෙන භාවිත කිරීමටත් සිදුව ඇතැයි එහි වෛiවරුන් කිහිප දෙනකු ‘දිවයින’ ට පැවසූහ.

 ශල්‍ය කර්මවලදී මැසීමට ගන්නා නූල් වර්ගවල සහ අස්ථි බිඳීම් බද්ධ කිරීමට ගන්නා ප්ලේට්ස් වර්ගවලද දැඩි හිඟයක් ඇති බව පවසන එම වෛiවරු රෝහලේ සිදුකළ රසායනාගාර පරීක්‍ෂණ කටයුතුද සියයට පනහකට වඩා අඩුවී ඇතයිද පැවසූහ.

 මේ තත්ත්වය මත හෘදයාබාධ රෝගීන්, ශ්වසන ආබාධිත

 රෝගීන්, දියවැඩියා රෝගීන්, පිළිකා රෝගීන්, සුනඛ සපාකෑම්වලට ලක්වන රෝගීහු අතිවිශාල සංඛ්‍යාවක් ජීවිත රැක ගැනීමේ අවදානමකට මුහුණදී සිටිති.

 සුනඛ සපා කෑමකදී රෝහලට එන රෝගියාට ඖෂධ හිඟය නිසා ප්‍රතිකාර නොදී සුනඛයාට ජලභීතිකා රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ දැයි සෝදිසියෙන් සිටින ලෙස උපදෙස් දී රෝගියා ආපසු හරවා යවමින් සිටින බවද කීහ.

 රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනයාගේ ජීවත් වීමේ අයිතිය උල්ලංඝණය වී ඇති බව පවසන හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛi පාලිත රාජපක්‍ෂ මහතා, කවුරු මොනවා කීවත් රටේ සෞඛ්‍ය පහළට කඩා වැටෙමින් පවතින බවත්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන කාලය උදාවී ඇතැයිද කීය.

advertistmentadvertistment
advertistmentadvertistment