බදු ඉවත් නොකරන බව පාර්ලිමේන්තු නව සැසිය අමතමින් ජනපති කියයි

257


උපයන විට ගෙවීමේ බදු ඉවත් කරන ලෙස බොහෝ දෙනා පවසනවා.එසේ වුවහොත් ඉන් බිලියන 100ක් අහිමි වන බවත් තමා තීරණ ගන්නේ ජනප්‍රියවීමට නොව පවතින ආර්ථික අර්බුධයෙන් රට ගොඩ ගැනීමට බැවින් ජනප්‍රිය නොවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිය විවෘතකරමින් පැවසීය.අප රටේ සෘජු බදු ආදායම සියයට 21 ක් බවත් වක්‍ර බදු ආදායම සියයට 79ක් බවත් කීවේය.රටේ බදු බර අඩු කිරිමටනම් සියලු දෙනා ඒ සඳහා දායක වියයුතු යැයිද පැවසීය.රට තුළ පසුගිය කාලයේ පැවති දුෂ්කරතා කෙමෙන් කෙමෙන් අඩුවීගෙන යන බවත් මෙසේ ගියහොත් රජයේ සේවක වැටුප් වැඩිකිරීම,පෞද්ගලික අංශයේ සේවකයිනට සහන ලබාදීම,රැකියා අවස්ථා වැඩිකිරීම ආදිය කළ හැකි බවද පැවසීය.රට හැර නොයන තරුණ පිරිසක් අවශ්‍ය බවත් ජාතිය ගොඩ නැගීමට ඔවුන් එක්කරගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒකීය රාජ්‍යයක් තුළ බලය උපරිම ලෙස බෙදාහැරීමට කටයුතු කරන බවත් එය සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය මත බවත් කීවේය.පොලිස් බලතල විමධ්‍යගත කිරීමේදී පළාත් වලට වගකියන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරු පත්කළ යුතු බවත් දැනට එසේ පත්කර නොමැති බවත් සඳහන් කළේය.සිස්ටම් චේන්ජ් කිරීමට කථාකරක දේශපාලන පක්ෂ නමුන් හැර අන් අය වෙනස් කිරීමට උත්හාසා කරන බවත් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී සියලු දෙනා රට ගැන සිතා කටයුතු කරනවානම් රට තුළ පවතින ගැටලු රැසක් විසඳාගැනීමට හැකි බවත් කීවේය.එනිසා දේශපාන පක්ෂද වෙනස්විය යුතුයැයි පැවසීය.පාර්ලිමේන්තුව,අධිකරණය,රාජ්‍ය සේවයද යහපත් ලෙස පුළුලුව වෙනස්විය යුතුයැයිද කීවේය.ජනමාධ්‍ය සඳහා ජාතයන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවන බවත් පිලිගත් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ගැනද පුලුල් ලෙස අවධානය යොමුකරන බවත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment