බදු ගහනවා හැර විකල්පයක් නෑ

131

ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 69 න් ලක්ෂ 40ක්ම සහනාධාර ඉල්ලන බවත් ඔවුන්ට සහන සැලසීමට බදු අයකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ආහාර උද්ධමනය සියයට සියයක් තරම් ඉහළ මට්ටමක පවතින අවස්ථාවක මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ප්‍රායෝගික නොවන බවත් එකම විකල්පය වන්නේ බදු අයකිරීම බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියයි.

යම් යම් අපහසුතාවන් පැවතිය ද මේ මොහොතේ බදු ගෙවීම අවබෝධයෙන් කළ යුතු අත්‍යවශ්‍ය කරුණක් බව ද ඇමැති සියඹලාපිටිය මහතා තවදුරටත් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment