බදු ගිණුමට නඩු

177

දේශීය ආදායම්, රේගුව, සුරාබදු ඇතුළු රාජ්‍ය ආයතන 07ක් විසින් එකතු කරන සියලූ බදු විශේෂ සේවා හා භාණ්ඩ නමින් විශේෂ ගිණුමකට බැර කිරීමට නිකුත්කර ඇති ගැසට් පත‍්‍රය අහෝසි කරන ලෙසට ඉල්ලමින් එම ආයතනවල වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇත.

මේ වනවිට නීතීඥවරුන් සමග සාකච්ඡා කර ඇති බවත් ඊට අදාළ නඩුව මේ සතිය ඇතුළත ගොනුකරන බවත් ශ‍්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් නිරෝෂන් ජයකොඩි මහතා පැවසීය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තුළ ගැටලූ ගණානවක් නිර්මාණය කරමින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් විගණකාධිපති අධීක්‍ෂණය යටතේ අධීක්‍ෂණයට තිබූ බලතල ඉවත් කිරීම පමණක් නොව එකතු කරන මුදල් ඒකාබද්ධ අරමුදලට බැරවනවාද යන්නවත් සඳහන් කර ඇති බවත් කී ජයකොඩි මහතා මෙවැනි ගැටලූ රැසක් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන්ව ඇතැයිද කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment