බදු සංශෝධන පනතට කතානායක අත්සන් තබයි

68

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් 14 දා සිය සහතිකය සටහන් කළේය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 09 වැනිදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහිදී පනත් කෙටුම්පත තෙවන වර කියැවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමිවිය.

මේ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස 2022 දෙසැම්බර් 14 වැනි දින සිට බලාත්මක වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment