බන්දුලගෙන් සීඅයිඞීයට පැය 4ක ප‍්‍රකාශයක්

133

සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් එල්ලකර තිබෙන චෝදනාව පිළිබඳව අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (24දා) ඇමැතිවරයාගෙන් පැය හතරක පමණ කාලයක් ප‍්‍රකාශයක් ලබාගෙන ඇත.

තමාට එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී ස්වාධීන පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා ඇමැතිවරයා පසුගියදා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප‍්‍රකාශය ලබාගෙන ඇත.

සතොස ආයතනයේ නිලධාරීන් කිහිපදෙනකුගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති සුදුලූනු බහාලූම් දෙකක් වෙනත් බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අතරතුර, මෙම පරීක්ෂණ කටයුතු සඳහා දේශපාලන අධිකාරියේ බාධා ඇති බවට හා ධුරයෙන් ඉවත්වන ලෙසට තර්ජනය කරන බවට පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු මාධ්‍යයට කර තිබූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පූර්ණ අපක්ෂපාතී පරීක්ක්ෂණයක් ඉල්ලා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය සතියේ පොලිස්පති සී. ඞී. වික‍්‍රමරතන මහතා වෙත පැමිණිල්ලක් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment