බන්දුලගේ පැමිණිල්ල; පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් පැය 3 ක් සීඅයිඩියේ

204

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08 වැනිදා) පැය තුනහමාරක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.

තම කීර්තිනාමයට හානිවන ආකාරයේ ප‍්‍රවෘත්ති මාධ්‍ය වෙත ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුෂාන් ගුණවර්ධන මහතාට ප‍්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව ඊයේ දහවල් 12.00 ට පමණ ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස 3.30 පමණ වනතුරු ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලදි.

ලංකා සතොස ආයතනයේ සිදු වු වංචා සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා පසුගියදා හෙළිදරව් කිරීම් රැුසක් කර තිබිණි.

එම හෙළිදරව්වලින් පසුව ඒ මහතාට විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වූ අතර පසුව ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබිණි.

ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ
හේමන්ත රන්දුනු සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment