බන්දුලගේ මල්ල සතොසෙන් අද ගෙදරටම – 1998ට කතා කරන්න

219

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් අඩංගු සහන මල්ලක් දිවයින පුරා සියලූ සතොස අලෙවිසල් මගින් නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ අද (20 ද)* දින සිට ආරම්භ කෙරෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

 වෙළෙඳ පොළේ රුපියල් 2600කට වඩා වැඩි මිලකට අලෙවි වන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් රුපියල් 600ක් පමණ අඩුවෙන් රුපියල් 1998 ක මුදලකට සතොස මගින් නිවසටම ගෙන්වා ගත හැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

 මුල් සති දෙකේ දී ප‍්‍රවාහන ගාස්තුවක් අය නොකෙරෙන බවත් එම භාණ්ඩ මල්ල ක්ෂණික ඇමතුම් 1998 ට අංකයට ඇමතීමෙන් නිවසටම ගෙන්වා ගත හැකි බවත් අද සිට දිවයිනේ සියලූ සතොස අලෙවිසල් මගින් එය ලබා ගැනීමේ හැකියාව තිබෙන බවත් හෙතෙම පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව රජයේ මිල තීරකයා වශයෙන් සතොස මගින් ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ අවම මිලට ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ බව පැවසූ ඇමැතිවරයා, ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මත පීඩනයක් ඇතිවීම වළක්වාලමින් ලාභ ලැබීමේ අරමුණකින් තොරව මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරෙන බවත් පැවසීය.

 හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමට සියලූ සතොස අලෙවි සල් සඳහා අවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වේගවත් ක‍්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment