බන්දුලට තවත් ඇමැති ධුරයක්

641


ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) උදෑසන වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා නිල සංචාරයක් වෙනුවෙන් විදෙස් ගත වීම නිසා එම අමාත්‍යාංශයේ වැඩ බැලීම සඳහා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හට ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම පිරිනමන ලදි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා 2005 වසරේ සිට 2010 වසර දක්වා ද අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment