බන්දුල වර්ණපුරට අසාධ්‍යයි

1538

ශී‍්‍ර ලංකාවේ පළමු ටෙස්ට් කි‍්‍රකට් නායක බන්දුල වර්ණපුර මහතාට හදිසියේ සිදුකළ ශල්‍යකර්මයකින් ඔහුගේ පාදයේ කොටසක් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබේ.

මීට දින කීපයකට පෙර ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් මත ඒ මහතා කොළඹ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබිණි.

මේ පිළිබඳව ඔහුගේ පුතකු වන මාධව වර්ණපුර මහතාගෙන් ඊයේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය‘ කළ විමසුමේදී ඔහු කියා සිටියේ වෛද්‍යවරුන් තම පියාගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක් දරමින් සිටින බවය.

රුධිර සීනි මට්ටම වැඩිවීම නිසා මතුවූ දියවැඩියා රෝග තත්ත්වයෙන් බන්ධුල වර්ණපුර මහතා රෝගාතුරව රෝහල්ගත කර තිබිණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment