බන්දුල වර්ණපුරට සැත්කමක් – ‘තාත්තට දැන් ටිකක් සුවයි’ – මාධව වර්ණපුර

994

ශී‍්‍ර ලංකාවේ පළමු ටෙස්ට් කි‍්‍රකට් නායක බන්දුල වර්ණපුර මහතාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් මත සිදු කරන ලද සැත්කමක් හේතුවෙන් ඒ මහතාගේ දකුණු පාදය ඉවත් කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

 ශී‍්‍ර ලංකාව මුහුණ දුන් පළමු ටෙස්ට් තරගයේදී නායකයා ලෙස කටයුතු කළ ඒ මහතා තවත් ටෙස්ට් තරග 3 කට කී‍්‍රඩා කර ඇත. වර්ණපුර මහතා එක් දින ජාත්‍යන්තර තරග 12කට ද ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කර තිබේ.

 අදාළ ශල්‍යකර්මය පිළිබඳව ඒ මහතාගේ පුත් මාධව වර්ණපුර මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමකදී කියා සිටියේ බන්දුල වර්ණපුර මහතා දැන් ක‍්‍රමයෙන් සුව අතට පත්වෙමින් සිටින බවයි.

 හදිසියේ රෝගාතුර වූ ඒ මහතා ප‍්‍රතිකාර පිණිස මීට දින තුනකට ඉහතදී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment