බන්දු සමරසිංහ තවම දෙගිඩියාවෙන්

1334

ඉතාලියේ මිලානෝනුවර කොන්සල් ජනරාල්වරයා ලෙස ප්‍රවීණ විකට නළු බන්දු සමරසිංහ මහතා පත්කර ඇත.

හිටපු කොන්සල් ජනරාල් ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ හදිසි අභාවප්‍රාප්ත වීමෙන් හිස් වූ ධුරය සඳහා මෙලෙස බන්දු සමරසිංහ මහතා පත්කිරීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලා සංසදය විසිනි.

අදාළ කොන්සල් ජනරාල් ධුරය භාරගැනීම සම්බන්ධව බන්දු සමරසිංහ මහතා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ. මේ අතර විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා බන්දු සමරසිංහ මහතාට කොන්සල් ජනරාල් ධුරය ලබාදීම සම්බන්ධව අනුමැතිය ලබාදී නැත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment