බන්ධනාගාරයට සැනිටයිසර් ඇලජික් වෙයි

178

සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කිරීමට අවසර ලබාදී තිබුණු දෑත් පිරිසිදුකාරක දියර මත්පැන් ලෙස භාවිතය ඉහළ යාම හේතුකොටගෙන දෑත් පිරිසිදුකාරක දියර භාවිතය බන්ධනාගාරය තුළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ වෙනුවට බන්ධනාගාරගතව සිටින්නන්ට සබන් ලබාදීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

ඉරාන ජාතිකයින් පිරිසක් දෑත් පිරිසිදුකාරක භාවිතා කිරීමෙන් දෙදෙනෙක් මිය ගොස් 10 දෙනෙක් රෝහල්ගත කිරීමට සිදුවීමද බන්ධනාගාරය තුළ දෑත් පිරිසිදුකාරක භාවිතය තහනම් කිරීමට මුල්වී ඇති බව සදහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment