බන්ධනාගාර නියාමකවරයෙක්ට දිවි ඇති තෙක් සිරදඩුවම්

1104


බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී බන්ධනාගාර රැඳවියන් සඳහා මත් කුඩු අලෙවි කළේයැයි චෝදනා ලද එහි බන්ධනාගාර නියාමකවරයෙකුට වසර නවයක් තිස්සේ පැවති නඩු විභාගයකින් පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 800ක් සමග මීට වසර නවයකට පෙර බන්ධනාගාර ආරක්ෂක නිලධාරින්ගේ අත්අඩංගුවට පත් විය. මෙම බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධව මහනුවර මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරමින් මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ තෙල්දෙණියෙ පදිංචි 45් හැවිරිදි එම්.ජී මාලක මිහිර බන්ඩාර යන බන්ධනාගාර නියාමකවරයාය .

advertistmentadvertistment
advertistmentadvertistment