බන්ධනාගාර ලොක්කන් 11කට මාරුවීම්

611

පසුගිය කාලයේ බන්ධනාගාරයන් තුළ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධීන්වලින් පසු බන්ධනාගාර උසස් නිලධාරීන් 11 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ලබන මස (සැප්තැම්බර්) 01 වැනිදා සිට ස්ථාන මාරුවීම් ලබන නිලධාරීන් මෙසේය.

බන්ධනාගාර අධිකාරි ආර්. ප‍්‍රසාද් හේමන්ත කුමාර මහර සිට බන්ධනාගාර මූලස්ථානය, බන්ධනාගාර අධිකාරි එස්. කේ. පල්ලෙතැන්න මහතා අඟුණකොලපැලැස්ස සිට පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය, සහකාර බන්ධනාගාර අධිකාරි ඒ. ඞී. ගජනායක මහතා මීගමුව සිට මහර, සහකාර බන්ධනාගාර අධිකාරි ඞී. ආර්. ඞී. දහනායක කුරුවිට සිට අඟුණකොලපැලැස්ස, සහකාර බන්ධනාගාර අධිකාරි (වැ.ආ.) ඩබ්. එම්. ජේ. අයි. ප‍්‍රනාන්දු පල්ලන්සේන සිට මීගමුව, සහකාර බන්ධනාගාර අධිකාරි (වැ. ආ.) මොහාන් කරුණාරත්න මහතා යාපනය සිට කුරුවිට, සහකාර බන්ධනාගාර අධිකාරි (වැ. ආ) සමන් පි‍්‍රයදර්ශන මහතා අඹේපුස්ස සිට මාතර බන්ධනාගාරය.

සහකාර බන්ධනාගාර අධිකාරි (වැ. ආ.) එස්. ඒ. එස්. අයි. පී. පෙරේරා (වැ.ආ.) මාතර සිට අඹේපුස්ස, සහකාර බන්ධනාගාර අධිකාරි (වැ. ආ.) කොළඹ රිමාන්ඞ් සිට මහර, සහකාර බන්ධනාගාර අධිකාරි එච්. එම්. එස්. එන්. උපුල්දෙනිය (වැ.ආ.) මැගසින් සිට පල්ලන්සේන, සහකාර බන්ධනාගාර අධිකාරි (වැ. ආ.) කේ. බී. ඒ. උදයකුමාර මහතා මහර සිට යාපනය බන්ධනාගාරය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදුකිරීමට පියවර ගෙන තිබෙන බවය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment