බනිස්වලට කෝලිකුට්ටු හොයන රාළහාමිලා – අබ්ලික් Story

6927

නිමලූයි සුනිලූයි හොඳ ගොවියෝ. හම්බන්තොට පැත්තේ මහා පරිමාණ ගොවිතැන් කටයුතු කරපු මේ දෙන්නා ඵලදාව කොළඹට ගේන්න පුරුදුවෙලා හිටියා.

 පසුගිය දවසක නිමලූයි සුනිලූයි කෙසෙල්කැන් තොගයක් පටවගෙන කොළඹ ආවා. ඩිමෝ බට්ටා පිරෙන්න කෙසෙල් කැන් පටවලා.

 මේ දෙන්නා දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කෙසෙල් කැන් පටව ගත්ත ලොරියෙන් කොළඹ ආවා.

 අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පැත්තේදී කෙසෙල්කැන් ලොරිය පොලිසියෙන් නතර කළා. පොලිස් නිලධාරි මහත්තුරු දෙන්නා බෝම්බ හොයන්න වගේ ලොරිය වටේ කැරකුණා.

බනිස්වලට කෝලිකුට්ටු  හොයන රාළහාමිලා - අබ්ලික් Story


මහත්තයෝ අපි හම්බන්තොට ඉඳලා එන්නේ. මේ කෙසෙල් කැන් ටික මැනිං මාර්කට් එකට දීලා කීයක්හරි අරන් ආපසු යන්න ඕනේ.

 නිමල් බොහොම යටහත් පහත්ව පොලිස් නිලධාරියාට කිව්වා. වාහනේ ලියකියවිලි පරීක්‍ෂා කළා. වරදක් නැහැ. ඒත් රාළහාමි ලොරිය නිකම්ම අරින්න කල්පනාවක් නැහැ.

 කෙසෙල් කැන් පටවපු ලොරියේ කෙසෙල් අතුවලින් වහලා තිබුණේ. ඩිමෝ බට්ටගේ අංකය කෙසෙල් අතුවලින් වැහිළා. රාළහාමි මේ වරද ටක් ගාලා අඳුන ගත්තා.

 පේනවා නේද කරල තියෙන වරදේ බරපතළකම. වාහනේ අංකය නොපෙන්වා එළවගෙන ආව එක ලොකු වරදක්. මේකට ලොකු දඩයක් ගහන්න ඕනේ.

 රාළහාමි ගෝරනාඩු කළා.

 අනේ සර් අපි දුප්පත් මිනිස්සු. මේ විදිහට දඩ ගහන්න ගියොත් අපට කෙසෙල් කැන් විකුණලා හිස් අතින් ගෙදර යන්න වෙන්නේ. අපි ගැන අනුකම්පා කරන්න සුනිල් බෑගැපත් වුණා.

 එහෙම කරන්න බැහැ. තමුන්ලාව උසාවි දාන්න වෙනවා.

 රාළහාමි තව තවත් ගෝරනාඩු කරන්න ගත්තා. නිමලූයි සුනිලූයි රාළහාමිලා දෙන්නා ඉදිරියේ ආයාචනා කළා.

 හරි හරි එහෙනම් අපි මේක ගොඩින් බේරගමු. අපිට බනිස් වගයක් හම්බ වුණා. තව ටිකකින් තේ බොන්නත් තියෙනවා. ඔය හොඳ කෝලිකුට්ටු ඈවරි දෙක තුනක් දීලා යනවා නැත්නම් මේවා උසාවි යන කේස්….

 රාළහාමි ඇඟට පතට නොදැනීම කිව්වා. පොලිසි ගානේ උසාවි ගානේ නොහිගින් වැඬේ ගොඩින් බේරා ගන්න ලැබිච්ච එක ගැන නිමල්ටයි සුනිල්ටයි සතුටුයි.

 දුක් මහන්සියෙන් වගා කරපු අස්වැන්න අරන් කීයක් හරි වැඩිපුර හොයා ගන්න කොළඹ ආව නිමලූයි සුනිලූයි පොලිස් නිලධාරියාට කෝලිකුට්ටුවලින් සංග‍්‍රහ කළා.

 අන්තිමේදී මේ ප‍්‍රශ්නය ගොඩින් බේරගෙන නිමලූයි සුනිලූයි මැනිං මාර්කට් එකට ගියා.

 කොහොම හරි මේ සිද්ධිය ගැන ඉහළ පොලිස් නිලධාරීන්ට දැන ගන්න ලැබුණා. අහිංසක ගොවියන්ට තර්ජනය කරලා කෝලිකුට්ටු කාපු පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය කි‍්‍රයා මාර්ග ගන්න පොලිස් රථවාහන අංශය කටයුතු කළා.

 රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment