බනිස් කැබැල්ල උගුරේ හිරවී ආසාදිත දෙදරු පියා මරුට

171

කොවිඞ් ආසාදිත දෙදරු පියෙකු බනිස් කැබැල්ලක් ශ්වසන මාර්ගයේ හිරවීමෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පෙරේදා (08 දා* පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

මියගොස් ඇත්තේ අඟුළුගහ, දොරපේ ප‍්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි. මොහු උදරයේ ඇතිවූ ආබාධයක් නිසා ප‍්‍රතිකාර ලබාගෙන ඇත. ඉන්පසු මොහු දියර වර්ග පමණක් පානය කොට තිබේ. බනිස් ගොඩියක් කෑමට ඉල්ලා ඇති අතර බනිස් ගෙඩිය ආහාරයට ගනිමින් සිටියදී එකවරම සිහිසුන්ව ඇති අතර පසුව කරාපිටිය රෝහලට රැගෙන විත් ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් මොහු මියගොස් තිබී ඇත.

මිය යෑමෙන් පසුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්‍ෂණයේ දී මොහුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මියගිය දෙදරු පියාගේ

හදිසි මරණ පරීක්ෂණය හබරදූව හදිසි මරණ පරීක්ෂක ගාමිණී කමල්තිලක මහතා විසින් සිදු කරනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ජානකී වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකළාය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා බනිස් කැබැල්ලක් ශ්වසන මාර්ගයේ හිරවීම නිසා මරණය සිදුවී ඇති බවට තීන්දු කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment