බඳින්න එපා කියලා කෑගල්ලේ සජබ සංවිධායක තරුණියට තර්ජනය කරලා!

559

කෑගල්ල සමගි ජනබලවේග පක්ෂ සංවිධාන කාර්යාලය තුළදී පෙරේදා වෙඩි වැදී මරණයට පත් තරුණිය විවාහ වීමට සූදානම් වූ මොහොතේ ඇයට විවාහ නොවන ලෙසට දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අදාළ සංවිධායකවරයා තර්ජනය කර ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බව කෑගල්ල පොලිසිය සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම ප්‍රහාරය ඇයට එල්ල වූ දවසේ සැකකරුගේ කාර්යාලයේ පසු වී ඇත්තේ මෙම තරුණිය සහ දැනට අත්අඩංගුවේ සිටින සැකකාර කෑගල්ල සජබ සංවිධායක පමණක් බවත් පොලිස් පරීක්ෂණ කණ්ඩායම්වලට අනාවරණය වී ඇත.

මෙම සැකකරුගේ කාර්යාලයේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී තිබෙන දර්ශන අනුව මෙම දෙදෙනා හැර පිටස්තර පුද්ගලයකු මේ මොහොතේ කාර්යාලයට පැමිණ නැති බව පෙනී ගොස් තිබේ.

මෙම රිවෝල්වරයේ අයිතිකරු අනාවරණය කර ගැනීමට ද පොලිස් පරීක්ෂණ යොමු කර ඇත.

“උඹට මම විවාහ වෙන්න ඉඩ තියන්නේ නැහැ” කියමින් මෙම තරුණියට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව ඇගේ පවුලේ උදවිය පවා පොලිසියට දැනුම් දීමක් කර ඇති බව පොලිසිය කියයි.

තවද සැකකරු සහ මෙම තරුණිය අතර සිදු කළ දුරකථන සබඳතා පිළිබඳව පොලිසිය කරුණු සොයා බලාගෙන යයි.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර ඇත.

සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂන සිදුකරගෙන යයි.

මෙම තරුණිය සැකකරු ළඟ වසර 16 ක පමණ කාලයක් සේවය කර ඇත.

නෝමන් පලිහඩවන

advertistmentadvertistment
advertistmentadvertistment