බම්බලපිටිය වජිරාරාමයේ නිකිණි පෝදා පිංකම්

89

බම්බලපිටිය සිරි වජිරාරාමයේ නිකිණි පොහෝ දින
පිංකම් 11 වැනිදා දවස පුරා පැවැත්වීමට පියවර ගෙන
තිබේ.
ඒ අනුව පෙ.ව.6.00-07.15 සිල් සමාදන් කරවීම
අනුශාසනාව සහ බුද්ධ පූජාව පූජ්‍යපාද තිරිකුණාමලේ
ආනන්ද මහ නායක හිමිපාණෝ, පෙ.ව.08.00-09.00
ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද
කරපුටුගල රේවත හිමිපාණෝ, පෙ.ව.09.00-10.00
ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද
කිරම අරියදේව හිමිපාණෝ, පෙ.ව.10.00-11.15 භාවනාව,
අනුශාසනාව හා බුද්ධ පූජාව -පූජ්‍යපාද කොබෙයිගනේ
ධම්මදස්සී හිමිපාණෝ, ප.ව.12.30-01.15 සතිපට්ඨාන සූත්‍ර
දේශනාව – පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ,
ප.ව.01.15-02.30 ධර්ම සාකච්ඡාව – පූජ්‍යපාද මීගොඩ සුඛිත
හිමිපාණෝ, ප.ව.3.00-04.00 භාවනාව සහ අනුශාසනාව –
විනයාචාර්ය පූජ්‍යපාද පිටිපන සාසනරතන හිමිපාණෝ,
ප.ව.04.00-05.00 ධර්මානුශාසනාව – පූජ්‍යපාද වැලිගෙපොල
සීලවංශ හිමිපාණෝ, ප.ව.05.00-06.00 ධර්මානුශාසනාව –
ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද මඩිහේ
සුගතසිරි හිමිපාණෝ, ප.ව.06.00-06.30 අටවිසි බුද්ධ
වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්
වහන්සේලා පවත්වනු ලබති.

advertistmentadvertistment
advertistmentadvertistment