බම්බලපිටිය වජිරාරාමයේ වෙසක්  පොහෝ දින සීල සමාදාන වැඩසටහන්

267

වෙසක් පුරපසළොස්වක පොහෝ දින බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ සීල සමාදාන වැඩසටහන යටතේ පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන මාලාව මෙසේය.

පෙ.ව. 6.00 – 7.15 සීල සමාදානය, අනුශාසනාව සහ බුද්ධ පූජාව – පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ, පෙ.ව. 7.15 – 8.00 හීල දානය, පෙ.ව. 8.00 – 9.00 ධර්ම දේශනාව – පුජ්‍ය තල්පාවිල කුසලඤාණ හිමිපාණෝ, පෙ.ව 9.00 – 10.00 භාවනාව – පූජ්‍ය බණ්ඩාරවෙල ඤාණරුචි හිමිපාණෝ, පෙ.ව. 10.00 – 11.00 ධර්ම දේශනාව – පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ, පෙ.ව. 11.00 – 11.15 සම්බුද්ධ පූජාව – පූජ්‍ය පැනසිහගම ඛේම හිමිපාණෝ, පෙ.ව. 11.15 – 12.15 දහවල් දානය සහ විවේකය, ප.ව. 12.15 – 1.00 පිරිත් සජ්ඣායනාව – පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ, ප.ව. 1.00 – 2.30 ධර්ම සාකච්ඡාව – පූජ්‍ය වැලිගෙපොළ සීලවංශ හිමිපාණෝ, ප.ව. 2.30 – 3.00 ගිලන්පස විවේකය, ප.ව 3.00 – 4.00 භාවනාව – පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ, ප.ව. 4.00 – 5.00 ධර්මානුශාසනාව – පූජ්‍ය රණස්ගල්ලේ ඤාණවීර හිමිපාණෝ, ප.ව. 5.00 – 6.00 ධර්මානුශාසනාව – පූජ්‍ය බොරැල්ලේ අතුල හිමිපාණෝ,

බම්බලපිටිය වජිරාරාමයේ වෙසක්  පොහෝ දින සීල සමාදාන වැඩසටහන්

ප.ව. 6..00 – 6.30 අටවිසි පූජාව පැවැත්වීම – සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ වෙසක් පුරපසළොස්වක පොහෝ දින පැවැත්වෙන ළමා සීල සමාදානය වැඩසටහන් මාලාව මෙසේය.

පෙ.ව. 8.00 – 8.30 සීල සමාදානය සහ අනුශාසනාව – පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමිපාණෝ, පෙ.ව. 8.30 – 9.15 ගිහි දේශනය – වෛද්‍ය තමාරා වික්‍රමසේකර මහත්මිය, පෙ.ව. 9.15 – 10.00 ධර්ම දේශනාව – පුජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ, පෙ.ව. 10.00 – 10.15 ගිලන්පස විවේකය, පෙ.ව. 10.15 – 11.00 භාවනාව සහ සම්බුද්ධ පූජාව පූජ්‍ය
රාජාංගනයේ සීලවිමල හිමිපාණෝ පෙ.ව. 11.00 – 12.30 දහවල් දානය සහ විවේකය, ප.ව. 12.30 – 1.15 පිරිත් සජ්ඣායනාව – පූජ්‍ය පැනසිහගම ඛේම හිමිපාණෝ, ප.ව. 1.15 – 2.15 ධර්ම දේශනාව – පුජ්‍ය ගබ්බෙල වජිර හිමිපාණෝ, ප.ව. 2.15 – 2.30 ගිලන්පස විවේකය, ප.ව. 2.30 – 4.00 දහම් පිළිසඳර – පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ, ප්‍රියන්ත මායාදුන්නෙ මහත්මා

advertistmentadvertistment
advertistmentadvertistment