බම්බලපිටිය සිරි වජිරාරාම කඨින පූජෝත්සවය 2022

130

බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ කඨින පිංකම, සිරි වජිරාමාධිපති අති ගෞරවාර්හ තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එළඹෙන ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින තුළ පැවැත්වේ.ඔක්තෝම්බර් මස 15 සෙනසුරාදා ප.ව. 7.00 සම්බුද්ධ පූජාව, ප.ව. 8.00 මහ පිරිත් දේශනය, ඔක්තෝබර් මස
16 ඉරිදා පෙ.ව. 4.00 කඨින චීවරය රැගත් දර්ශනීයපෙරහැර වැල්ලවත්තේ තරුණ බෞද්ධ සමිති ශාලාවෙන් වීදි සංචාරය ආරම්භ කර විහාස්ථානයට ළඟා වේ.

උදෑසන 6.00 ට කඨින චීවර පූජාව හා සඟසතු දානමය පිංකම පැවැත්වේ. ප.ව. 5.30 අටවිසි බුද්ධ පූජාව, ප.ව. 6.00 කඨිනානිශංස ධර්ම දේශනය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment