බම්බලපිටිය සිරි වජිරාරාමයේදී ඉල් පෝදා පිංකම් මාලාවක්

83

උදෑසන සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද නායක හිමියන් විසින් මෙහෙයවන අතර පෙ.ව. 8 සිට 9 ට ධර්මානුශාසනාව – ජර්මනියේ හැම්බර්ග් සිරි වජිරඤාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තල්පාවිල කුසලඤාණ හිමිපාණන් විසිනි.

පෙ.ව. 9 සිට 10 දක්වා ගිහි දේශනය – බුද්ධ ධර්ම බාහිර කථිකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ෂේන් බ්ලොක් මහතාද, 10 සිට 11.15 දක්වා භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී පූජ්‍යපාද රාජාංගනයේ සීලවිමල හිමිපාණන් විසින්ද මෙහෙයවන අතර ප.ව. 12.30 – 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාවකි. එය මෙහෙයවීම සිරි වජිරාරාමාධිකාරි සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්‍ෂ පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග හිමිපාණන්ද, ප.ව. 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මීගොඩ සුඛිත හිමිපාණන්ද, ප. ව. 03 සිට 4 දක්වා භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍යපාද පිටිපන සාසනරතන හිමිපාණෝද, ප.ව. 4 සිට 5දක්වා ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරම අරියදේව හිමිපාණන්ද, ප.ව. 05.00 – 06.00 ධර්මානුශාසනාව – ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද මඩිහේ සුගතසිරි හිමිපාණන්ද, 06.00 – 06.30 ට අටවිසි බුද්ධ වන්දනා හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා විසින්ද මෙහෙයවති.

advertistmentadvertistment
advertistmentadvertistment