බම්බලපිටිය සුපිරි ගණිකා නිවසක 5ක් අත්අඩංගුවට – කොටුවූ කළමනාකරු ළඟ මත්ද්‍රව්‍යත් තිබිලා

172

සුපිරි ජංගම ගණිකා මඩමකින් තරුණියන් පැයට රුපියල් 15000 කට අලෙවි කළ කාන්තාවන් හතර දෙනෙකු සමග එහි කළමනාකරුවෙකු බම්බලපිටිය ප්‍රදේශයේ දී 23 වන දා අත්අඅඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 17,22,25,45 යන වයස්වල පසුවන අවිවාහක බිබිල ප්‍රදේශයේ පදිංචි රූමත් තරුණියන් බවත් කළමනාකරු වයස අවුරුදු 45 ක අවිවාහක කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය කියයි.

අන්තර්ජාලය ඔස්සේ අදාළ තරුණියන්ගේ ඡායාරූප පළ කරමින් නවීන පන්නයේ වෑන් රථයකින් ගැනුම්කරුවන් පවසන ස්ථානයට සුරූපී තරුණියන් කළමනාකරු විසින් ලබා දෙන බවට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදා මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගන්නා ලද කළමනාකරු මින් පෙරද තරුණියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් අයෙක් වන අතර අත්අඩංගුවට

ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අයිස් මත් ද්‍රව්‍ය මිලිග්රෑම් 2190 ක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රී මහතාගේ උපදෙස් මත කොළඹ දකුණ 1 දිස්ත්‍රික් භාර පොලිස් අධිකාරී සමන් ජයසේකර, කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක අජිත් කුමාර, කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේෂාන් කුමාර, පොලිස් සැරයන් 35254 රණතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන 89464 සම්පත්,91023 ප්‍රනාන්දු, කාන්තා පොලිස් කොස්තාපල්වරිය වන 11522 චතුරිකා, පොලිස් කොස්තාපල් රියදුරු 14772 ජයසිංහ යන නිලධාරීහු මෙම වැටලීම සිදු කර ඇත.

දෙහිවල බී.ගෝමස්

advertistmentadvertistment
advertistmentadvertistment