බමුණා අන්තඃපුර ගෙන යන ශනි-ශුක්‍ර

462

ඕං නමඃ ශිවාය – ඕ ගනේෂාය නමඃ

සංසාරික ගමනේදී ප්‍රජාවගේ පැවැත්ව උදෙසා පැවතෙනු ලබන සම්ත්තීන් පිළිබඳව, දැක්වෙන නිවැරදි හිමිකම ගැන ජ්‍යොතිර් විද්‍යාවෙන් මිනිසාට ලබාදෙනුයේ, කවුරුත් අපේක්‍ෂා නොකරන අන්දමේ රුකුලක් වේ. මෙහිදී ග්‍රහයන්, ග්‍රහ කාරකත්වය, ඒ ඒ කේන්‍ද්‍රවල ඒ ඒ ග්‍රහයන් දරන අධිපතිත්වය යන කරුණු පිළිබඳව සලකා ඉන් ලබන ඵලය මේ යැයි දැක්වීමට හා පෙරාතුව අවබෝධ කර ගැනීමට වෙනත් මිණුම් දණ්ඩක් නොමැත්තේය.

ලෞකික සම්පත්තීන් අතරින් විවාහය පිළිබඳවත් ඊට මුල්වන ආදරය පිළිබඳවත් ලිංගිකත්වය, කාමාශාව යන කරුණු පිළිබඳවත් සිකුරු කාරක වන බව පෙන්වයි. ප්‍රියමනාප වූත්, සුකොමළ වූත් රූමත් සැපවත්තියක ලෙසින් හැඳින්වෙන සිකුරු නම ඇසුන පමණින්ම මිනිස් සිතට අමුතුම අන්දමේ ප්‍රබෝධයක් ද ඇතුළු කරවන්නේ ද වේ.

මෙයට හාත්පසින්ම වෙන් වූ සිතුවිලි සමූහයක් සෙනසුරු ගැන සිතීමෙන් සිත් තුළ උපදී. එම සිතුවිලි දෙකම එකම සිතක් තුළ කැටිවී, සංකලනය වෙමින් එකම ජීවිත ගමනක ක්‍රියාවට නැංවෙන අයුරු තුළ ඉස්මතු කරවන අපූරු සහගත බව ‘පදම’ වනු ලබන අතර එසේ නොවීම හැඳින්විය හැක්කේ අසංතර්පනය යනුවෙනි.

පදම පූර්ණ වීමෙන් මනසද, පූර්ණ වී තෘප්තිමත් වීම සිදුවන අතර, පදම අසම්පූර්ණවීමෙන් මනසද අතෘප්තිමත් තත්ත්වයකට පත්වේ. යම් බැඳීමක පැවැත්ම – නැවැත්ම යන කරුණු දෙක ඒ තුළින් මතුකර දෙනුයේ ශනි ශුක්‍ර යෝගයේ එක් ප්‍රතිඵලයක් වශයෙනි.

අප්‍රමාණ වශයෙන් සම්පත් ලබා දී එය නිසි ලෙස භුක්ති විඳගැනීමට කිසියම් නොහැකියාවක් ඒ සමඟම ඇතිකර දීම ද ඒ නිසාම මනස අතෘප්තිමත් කර ගැනීම ද සෙනසුරු – සිකුරු සංයෝගයේම තවත් ප්‍රතිඵලයකි. ආදරය ප්‍රේමය මත ඉස්මතු වන ආලිංගනයන් තුළ ඒ අයුරින් බැඳීමේ නොහැකියාවන් මත එය මානසිකව බලපාන බැම්මක් ලෙසින් ගොඩනැගීමෙන් ඇතිකරගනු ලබන අතෘප්තිමත් බව ද මෙම යෝගයේම කොටසකි.

තරුණ යුවතියක් වැඩිහිටි පුරුෂයෙකුගේ පහසට ලක්වීම හෝ වැඩිහිටි ස්ත්‍රියක් ලාබාල යෙකුගෙන් හෝ අසම්මත වූ බැඳීම් අපේක්‍ෂා කිරීමද, වුවමනා කල ලැබිය යුතු කුමන ආකාරයේ සම්පතක් නොඋවමනා කලට ලැබීම ද, මෙම යෝගයෙන් ලබාදෙන තවත් ඵලයකි. දත්නැති දා උක්දඬු ගිනි තපින්නද? යන්න මෙහිදී සිහියට නගාගත යුතු වේ.

බමුණා යනු යම් යම් මතිමතාන්තර සමඟ කටයුතු කරන ශක්‍ෂිත තත්ත්වයේ හා පරිණත බවක් මවන මහලු බවට ආසන්න, කායික බලයට වඩා බුද්ධි බලයක් ඇතැයි දැක්වෙන සංකේතයකි. ලෞකික ආශ්වාදයන්ගෙන් මෑත් වූ අයකු යැයි සැලකේ. එබඳු අයෙකු රූමතියන්ගෙන් පිරි අන්තඃපුරයකට යෑමෙන් වික්‍ෂිප්ත බවකට පත්වීමෙන් කිසිත් කරකියා ගැනීමට තියා සිතා ගැනීමටවත් නොහැකි තත්ත්වයකට පත්වීමේ ස්වභාවය හඳුන්වනුයේ බමුණා අන්තඃපුරයට යෑමයි. ලැබීම ඇතත් නිශ්ඵල බව ද මෙයින් පෙන්වයි. එය ද සෙනසුරු සිකුරු සංයෝගයේ තවත් කදිම පළ දීමකි.

ශනි – සිකුරු අතර නපුරු දෂ්ටි සහිත වීමෙන් කුමන කරුණකදී මුලින් ප්‍රීතිමත් බවක් පෙන්නුවද පසුව ලබාදෙන්නේ මානසික අසහනයකි. අතෘප්තියයකි. අලාභයකි.

සම්පත්, තෘප්තිය මෙන්ම සිරියාව වැනි දේ සිකුරුගෙන් මෙන්ම පරිණත බව, හැකිලීම, දුඃඛිත බව මෙන්ම අතෘප්තිමත් බව සෙනසුරුගෙන් දක්වයි. මෙහිදී ආදරය විවාහය යන කරුණු මෙන්ම කාමාශාව, ලිංගිකත්වය ද සන්තුෂ්ටිදායක දිවි පැවැත්ම හෝ අසන්තර්පනය වන දිවි පැවතුම ද අවබෝධ කර ගැනීමට ඇති අප නොසිතන අන්දමේ සාධකයක් මෙම දෙදෙනාගේ සංයෝගය තුළින් දැක්වෙනු ඇත්තේය.

සුකොමල තරුණ යුවතියක හා බැඳෙන මහල්ලා ද තිරිහන් බවට පත්වන බව දැක්වෙන කියමනට සමාන වීම ද ශනිගේ බුද්ධිය, පරිණත බව, ඉවසීම යන ගුණාංග, සිකුරුගෙන් දෙන සුන්දරත්වය මෙන්ම රසාලිප්ත බව ද මෘදු බව ද සංකලනය වීමෙන් ගරාවැටුණු හෝ බංකොලොත් බවට පත්වූ ව්‍යාපාර වැනි දේ ද කායික, මානසික, ඇවතුම් පැවතුම් ද, සිතුවිලි ද, ප්‍රාණවත් කොට නැවුම් බවක් තුළ සිත්සතන් යොමුවීමත් සමාජයික වශයෙන් හෝ ජීවිතමය වශයෙන් හෝ නවතාවය ඉස්මතු කරදීමත්, එයින් මිනිසුන් සතුව ඇති කුසලතා යළි ඔප්නැංවී. එතුළින් සමාජමය සේවාවක් ද, බුද්ධිය ද, ජීවිතය ද සශ්‍රීක කරදීමටත් ඉබේම වාගේ විශාල ශක්තියක් ලබාදීම ද ශනි, ශුක්‍ර සංයෝගය තුළින්ම ලබාදීම ද මෙම සංයෝගයේ තවත් නොපෙනෙන විශිෂ්ට ප්‍රතිඵලයක් වශයෙන් දැක්වේ.

අතෘප්තිය, තෘෂ්ණාධික බව මත රැස්කරමින් ලෝභීව කටයුතු කරන ගතිය මඟහරවා, සිකුරුගේ බලය සමගින් ක්‍රියාත්මක වීමේදී ඕනෑම දෙයක ප්‍රභාව මතුකරදීම ක්‍රමානුකූලව සිදුකරවීම වියැලී යන ශාකයකට දිය වත්කිරීමෙන් එය ප්‍රාණවත් වන්නා සේ ඇතිවන ක්‍රියාකාරිත්වයකට මෙම යෙදීම හේතුවක් වන්නේය. අන්‍යයන් සතුටු කරවනු ලබන කුමන හෝ මාර්ගයන්ද, ව්‍යාපෘති වැනි දේ ද තුළින් ද ජීවිත හා සමාජමය තත්ත්ව තුළින් ද යම්කිසි පුනර්ජීවයක් ලබාදීමට ද මෙම බලය හේතුවක් වන්නේය. ශනි – සිකුරු යෙදෙන කෝණ දෘෂ්ටිය ද එකම ගුණයක් ලබාදෙන බව නියමයයි.

එමෙන්ම මෙම යෝගයේ ශුභඵල මෙන්ම අශුභඵල ද උදාකර දෙනුයේ එම දෙදෙනා දරන කාරකත්වය හා දෙදෙනා අතර පවතිනු ලබන ශුභාශුභ වූ දෘෂ්ටි තත්ත්වය හේතු කරගෙනය. සිකුරු දොළහට ද, සෙනසුරු අටටද අධිපතිත්වය දරයි. එසේ වූ විට එම දෙදෙනා අතර ඇතිවන ඔවුන් අතර නපුරු දෘෂ්ටි සහිතවීම ද ඔවුන් දෙක හය යන ස්ථාන ගතවීම ද තුළ ගොඩනැගෙනුයේ අයහපත් වූ ඵලයකි. එහෙත් එම දෙදෙනාම පහ, නවය අධිපත්තිවය දරා නවයේ හෝ පහේ වීමෙන් එම ජන්මියාට ශුභඵල ගෙනදීමට හේතුවනු ලබන අතර මෙහිදී වඩාත්ම ක්‍රියාත්මක වන්නේ පහ නවයේ බලයයි. දොළහ අට යන ස්ථාන බලයට වඩා නවය පහ ස්ථාන බලය හොඳින් ලබා දේ. මෙම ග්‍රහයන් නපුරු දෘෂ්ටි සහිතව එක් අයෙකු දෙක අධිපති වීමෙන් ඔවුන් වැරදි හෝ අයථා ක්‍රියාවන් තුළින් එම කාරකත්වය ඔස්සේ මතුකරන කරුණු තුළින් (සූදුව, අනාචාරය, වංචනික ක්‍රියා) ධනය විනාශ කර ගැනීම පමණක් නොව එබඳු අයවලුන් නීච ක්‍රියාවන්ට පෙළඹෙන්නවුන් බවට ද පත්වේ.

සෙනසුරු, සිකුරු, කන්‍යාවේ යෙදී එම ස්ථාන කේන්ද්‍රයේ හත, දෙක, තුන, අට වීමෙන් (සිංහ, කටක, මීන, කුම්භ යන ලග්නවලින් උපන් අය) ඉහත කී කරුණු ඔසසේද නොයෙකුත් අන්දමේ මානසික අසංතර්පනීය තත්ත්වය මතම හා විවාහය ද මුල්කර ගෙන ද අසීමිත වශයෙන්ම මානසික පීඩාවන්ට

ගොදුරුවීම සිදුකරවයි. මෙබඳු අය අසීමිත වූ රාගික තත්ත්වයන් තුළම ගැලෙමින්, ඒ තුළ විවිධත්වයක් අපේක්‍ෂා කරමින්, අන්තවාදී ලෙස ඒ තුළම ඇලී ගැලී කටයුතු කරන හෝ කටයුතු කරන්නට පෙළඹෙන හා ලොල්වන ගතියෙන් යුක්ත මානසික තත්ත්වයකින් කටයුතු කරන්නට පෙළඹේ. මෙම තත්ත්වය කාමසුඛල්ලිකානු යෝගය මතම තම ජීවිතය හසුරුවනු ලබන පිහිටීමක් ලෙස ද හැඳින්විය හැක. ලිංගික සම්පත් පමණක්ම නොව වෙනත් සම්පත් වශයෙන් සැලකිය හැකි සියලුම දේවල් ද ඒ ඒ මානසික තතත්වයන් තුළ අපේක්‍ෂිත වූ දේවල් ද, එලෙසම ගැලී කටයුතු කරන බවක්ම පෙන්නුම් කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ අධික ලෙස ඒවායේ ගැලුන ද කිසිදු සම්පත්තියක් ලැබුව ද, ඒවා නිසියාකාර තත්ත්වයෙන් විඳ

ගැනීමේ දී එය නිසියාකාරව විඳගැනීමේ කිසියම් අන්දමක නොහැකියාවක් හෝ ඒ මත මතුකර දෙනු ලබන කුමන අන්දමක බාධාවක් හෝ හේතුවෙන්, ඒවා අතපසුවීමේ තත්ත්වය ද, ඒ නිසාම ඔවුන් අසතුටට පත්වීමෙන් (අතෘප්තිමත්ව) නැවත නැවත විධිත්වය සොයමින් ඒ තුළම ගැලීම ද, අයහපත්ව යෙදුන මෙම යෝගයේම ප්‍රතිඵලයක් වේ. මෙබඳු අය රාගික අපේක්‍ෂාවන් තුළින් පමණක් නොව වෙනත් කුමන කරුණකින් නමුදු සෑහීමකට පත් නොවන්නේම වේ. නිර්මාණය,

රසගැන්වීම, ශෘගාරාත්මක සිතුවිලි හා පැවතුම් ද කවීත්වය යන කරුණු පිළිබඳව දක්වන වැඩි ඇල්ම හා කුසලතා නිසා ද මොවුන් එබඳු මානසික තත්ත්වයට පත්වුවද එබඳු වූ ක්‍රියාකාරකම් තුළින් කැපී පෙනෙන තත්ත්වයකින් කටයුතු කරන්නට හැකි අය ද වේ.

මේ නිසාම මෙම යෝගය ශුභවාදීව යෙදීමෙන් ප්‍රතිභාව පූර්ණ වූ කලාකරුවන්, චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, මෝස්තරකරුවන්, කැටයම්කරුවන්, ලේඛකයන් වැනි අය බිහිකරවන නමුත් ඔවුන් ද තම ඉදිරිපත් කිරීම් නිර්මාණයන් පිළිබඳව නැවත නැවත සිතා අඩුපාඩු සොයා කිසියම් අතෘප්තිමත් බවක් තුළ කටයුකු කරනු ලබන අයගේ තත්ත්වයට පත්වනු ඇත.

‘සජ්ජිල්පලේඛ්‍ය විධි ජාත කුතුහලාඪ්‍යඃ
පාෂාණ කර්ම කුඹලාශ්චල බුද්ධි යුක්තඃ
ස්‍යාද්දාරු දාරණ කරො මනුජඃ ප්‍රසෙූතෞ
පූර්වාමරෙජ්‍ය සහිතෙ තරණේස්තනූජෙ’

(ශම්භුහෝරා ප්‍රකාශය)

සිකුරු සෙනසුරු එක්ව සිටි කල උපන් මිනිසා උතුම් ශිල්ප හා ලිවීම්වලින් හටගත් ප්‍රීතියෙන් පිරුණෙක් වේ. ගලින් කරන කර්මාන්තවලට දක්‍ෂ වේ. සිත චංචලය. ගස් ඉරන්නෙක් වේ. පුක්‍ඳ්ක්‍ඳ්රාජ ආචාර්යවරයා විසින් රචිත ශම්භුහෝරා ප්‍රකාශයෙහි ශනි සිකුරු යෝගය පිළිබඳව මෙසේ දක්වා ඇති අතර මිහිරාචාර්යවරයා විසින් ඒ පිළිබඳව මෙසේ ද දක්වා ඇත්තේය.

“සෙනසුරු සිකුරු දෙදෙනා එක රාශියේ සිටිද්දී උපන් තැනැත්තා හීන් ඇස් ඇත්තෙක් හෙවත් මඳ පෙනීමක් ඇත්තෙකු වේ. ස්ත්‍රීන් ආශ්‍රයෙන් වර්ධනය වූ ධනය ඇත්තෙක් ද වේ. අක්‍ෂර වින්‍යාසය පොත් ලිවීම, සිතියම් කිරීම යන මෙකී දේ දත් කෙනෙකු වේ.

ඇතැම් තැන්වලදී අයහපත් දෘෂ්ටි මත අයහපත් ප්‍රතිඵල ගෙන දුන් ද, මෙම යෝගය බොහෝ තැන්වල දී බොහෝ ශුභඵල ගෙනදීමේ ප්‍රවණතාවක් දක්වන බව පෙන්වයි.

යමෙකු නිරතවන කර්මාන්තය තුළ සියුම් දීප්තිත් බවක් දක්වන පැතිකඩක් මතුකර යම්කිසි ජීවිකයකය මේ මගින් සම්බන්ධ කරවා එම පුද්ගලත්වය දක්‍ෂයෙකු ලෙස හෝ පැහැදිලි ඥානයෙකින් පූර්ණයෙකු ලෙස ප්‍රකට බවකට පත්කර දෙන්නේය.

කන්‍යාවේ යෙදුන මෙම තත්ත්වය වඩාත්ම දියුණු කරවනු ඇත. මෙහිදී කන්‍යාව කේන්ද්‍රයේ තුන, පහ යන ස්ථානයක් නම් ජ්‍යොතිෂය, න්‍යාය ධර්ම වැනි දේ පිළිබඳව තියුණු වූ බුද්ධියක් ලබා දී ගැඹුරු වූ විඥානමය තත්ත්වයක් ඇති කර දේ. මෙබඳු අයට ඉවක් මෙන් වූ විශේෂ දැනුමක් ලබා දේ.

කටකයෙන් ඉපදී ශනි සිකුරු තුනේ වීමද, සිංහයෙන් ඉපදී සෙනසුරු සිකුරු අටේ වීම ද, තුලාවෙන් ඉපිද සිකුරු සෙනසුරු දොළහේ වීමද, වෙනත් අසාර්ථක තත්ත්වයන් ජීවිතවලට සම්බන්ධ කරවුවද, දැනුම, දක්‍ෂතාවය මෙන්ම සහජයෙන් එන හැකියාවන් තුළ ජීවිතයේදී ලබන ප්‍රභාවක් ඉතා අපූරු ලෙසින් පෙන්වයි. මෙබඳු අය උපන් හපන්නු ලෙස නිරත ක්‍ෂේත්‍රය තුළින් ඉස්මතු වී එනු ඇත. එසේ වී නමුත් ආදරය හෝ ලිංගිකත්වය සම්බන්ධ කරුණු මුල්කරගෙන කිසියම් ව්‍යාකූල වූ අසතුටුදායක බවක් ඔවුන්ගේ ජීවිත පුරාම බැඳි පවතිනු ඇත්තේම ය.

තුලාව හෝ වෘෂභය ලග්නය වී මෙම යෝගය යෙදීමේදී මිථුනයෙන් ඉපදී මෙම යෝගය යෙදීමෙන් ද, මකරයෙන් ඉපදී මෙම දෙදෙනා ලග්නයේ යෙදීමෙන්ද, කුම්භය ලග්නය වී නවයේ යෙදුන ශනි සිකුරු යෝගය ද, මෙකී ඵලදායක බව ඔවුන් නිතර වනු ලබන කුමන ක්‍ෂේත්‍රයක් තුළින් හෝ බලවත් ප්‍රභාවක් පළකරන්නේය. මලකඩ සූරන්නට හෝ මොවුන් අතිදක්‍ෂයන් බවට පත්වනු ඇත.

පහ, නවය, හතර, හත, එක, දහය, හත දහය වශයෙන් එක්වී යෙදීම එක් ආකාරයක රාජ්‍ය යෝගයක් වශයෙන් සැලකේ. ධනයෙන්, බලයෙන් හා ගුණයෙන් ද එම ජන්මීන් ආඪ්‍ය කරවීම මේ තුළින් සිදුකරනු ඇත. මෙම දෙදෙනාගේ ස්ථානාධිපතිත්වය මත ඊට අදාළ සම්පත් ලබාදීම ද නම්බු සහිත බවකට පත්කරවීම ද, නිරායාශයෙන් ඉටුකරවනු ඇත. මෙයින් කන්‍යා ලග්න හිමියන්ට ඉහත දැක්වූ කරුණු තුළින් විශේෂිත වූත් යහපත් පලයක් අත්කර දෙනු ඇතතේය. පහ, නවය වශයෙන් මෙම සංයෝගය දෙවැන්නේ යෙදීමෙන් ද, ධනය, බුද්ධිය සමඟ ඔවුනගේ ජීවිත තත්ත්වය ඉතා සාරවත් කරවනු ලබන අතර වැඩි දැනුමක් ලබා දී මෙලොව හා පෙරපින යන කරුණු පිළිබඳව මැනවින් ක්‍රියාත්මක වන බැව් ප්‍රකාශයට පත්කරවා දේ. මෙබඳු අයගේ ජීවිත කිනම් අයුරකින් වුවද හා බුද්ධිමය, සමාජමය තත්ත්ව තුළ ද වෙනත් සම්පත්තීන් තුළින් ද මනා වූ සංයමයක් තුළද උසස් ගුණාංග ඇතිවද කටයුතු කරන පුද්ගලයන් බිහිකිරීමට මෙම යෝගය විශේෂත්වයක් ගනී. මොවුන් වාසනාව හේතු කරගෙනම ධනය ලබන්නෝ බවට පත් වේ.

තුලාවට ද මෙම යෝගය ලග්නයේ හෝ පහේ යෙදීමෙන් මෙයට සමාන වූ ශුභඵල ගෙන දෙනු ඇත. කුමන අයුරින් හෝ ඔවුන් ප්‍රවීණයන් බවට පත් වේ. මෙම දෙදෙනා හතේ යෙදීමේදී උපන් මේෂ ලග්න හිමියන් ඉතාමත් අවංක හා මිත්‍රධර්ම ඉතාමත් ඉහළින්ම සලකා කටයුතු කරන අන්දමේ ගුණාංග යුතු අය වේ. දියුණු අදහස්වලින් ද සමාජ තත්ත්වයකින් ද යුක්ත අය වේ. නම්බු සහිත දිවියක් සෑමවිටම අපේක්‍ෂා කරන මොවුන් එම අභිමානයෙන්ම ස්වකීය ජීවිත හසුරුවන බව ද පෙන්වයි. එහෙත් විවාහයේ බලවත් අවුලකි. ආදරය ඉහළම සතුටකැයි සිතන මෙබඳු අය මිත්‍ර බැඳීම් තුළදී වෙන් වෙන් වශයෙන් ඒ ඒ කරුණු සඳහා පුද්ගලයන් වෙන්කොට ගෙන ප්‍රතිපත්තිමය තත්ත්වයක් තුළම ගෞරවණීය ලෙස කටයුතු කරන අතර මිත්‍රත්වයද, විරුද්ධ ලිංගිකත්වය, වෙනුවෙන් අන් අය නොකරන අන්දමේ කැපවීම් කරලීමට ද ඉතාමත්ම කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නෝ බවට පත්වේ. සුබ සාධනය දක්වන සේවාවන් සොයා යෑම ද ඉතා ප්‍රිය කරයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පිළිවෙත අපේක්‍ෂා කරන්නේ ය.

මෙබඳු යෝගවලදී රාහු, කේතු, කුජ සමග ශනි ශුක්‍ර සමඟ අශුභ දෘෂ්ටි (අංශක 45, 90, 180, 37, 15 වැනි) ලක් වූයේ නම් ලිංගිකත්වය, ආදරය යන කරුණු ඔස්සේ මානසික හා ජීවිතමය වශයෙන් දැඩි ව්‍යාකූල බවකට ද ඇතැම් විට සදාචාර බවින් තොර වූ තත්ත්වයට ද නොදැනුවත්වම පෙළඹෙනු ඇත්තේය. මෙහිදී අට, හත, ලග්නය හා එම අධිපතියන් ද, නපුරු දෘෂ්ටි සහිත වූයේ නම් පහත් ඇසුරට හෝ පහත් පැවතුම්වලට යොමුවීම ද ජීවිතය නම්බුව විනාශ කර ගැනීම ද සිදු කරයි. මෙසේ වී ශූභ දෘෂ්ටි රහිතව මෙය හය අට, දොළහ තැන්වල යෙදීම නීචයෙකු බවට ද පත්වීම ද වේ. මේ බව සම්භු ප්‍රකාශයේ දක්වයි.

ශුභාශුභ ඵලයන් දෙකටම හේතුවන මෙම යෝගය ඉතා සැලකිලිමත්ව සැලකිය යුතු වේ. කෙනෙකු සතු යහපත් බව හෝ අයපහත් යන දෙකම මෙයින් ප්‍රකාශ වනු ඇත.

සාහිත්‍ය චක්‍රවර්ති යන විරුදාවලිය ලත් වියත් ලේඛක ඩබ්ලිව්. ඒ සිල්වාගේ කේන්‍ද්‍රයෙහි යෙදුන ශනි – ශුක්‍ර කෝණය කීර්තිය ස්වකීය ලේඛන කලාවේ ඉස්මතු කොට ලොව තුළ නොමැකෙන නාමයක් උරුම කර දුන්නේය. ලියෝ ටෝල්ස්ටෝයි, රවින්‍ද්‍රනාත් තාගෝර්, මාලනී ෆොන්සේකා, මයිකල් ජැක්සන්, ටයිටස් තොටවත්ත වැනි කුසලතා පූර්ණ වූවෝ ශනි ශුක්‍ර කෝණයේ උපරිම ප්‍රතිඵලය උපරිම වශයෙන් ලබාගත් අය අතර වෙත්.

ශනි – ශුක්‍ර යෝගයේ නපුරු දෘෂ්ටියට (රිට්ටා දෘෂ්ටියට) ලක් වූ දස්කොන් අධිකාරම ස්වකීය ජීවිතය පවා අහිමි වන තැනට ද කටයුතු කරගත්තේය.

ආචාර්ය ගුණපාල මලලසේකර, අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, අනගාරික ධර්මපාල, වෛද්‍යාචාර්ය වික්‍රමාරච්චි, හෙන්රි පෝඩ්, චෙල්වනායගම්, ජෝර්ජ් වොෂින්ටන් යන ප්‍රබුද්ධ ප්‍රකටයෝ ද ශනි ශුක්‍ර යෝගය තුළින් ප්‍රභාව දැක්වූ බව ඔවුන්ගේ ජන්ම පත්‍රයන් තුළින් අපට පෙන්වා දෙනු ඇත්තේය.

එයින් මෙයින් බමුණා අන්තඃපුරයට ගියා යන කියමන ද මෙම ශනි සිකුරු යොදගෙන ඇත්තේය.

හේලි ජ්‍යොතිෂඥ කාව්‍ය ශ්‍රී
බී.එස්.යූ.කේ. දිසානායක.
දුරකතන අංකය 078-5616120

advertistmentadvertistment
advertistmentadvertistment