බඹර ප්‍රහාරයකට ලක්වූ කිළිනොච්චියේ සිසුහු 27ක් රෝහලේ

103

කිළිනොච්චිය මහා විද්‍යාලයේ සිසුන්ට බඹරුන් දෂ්ට කිරීම නිසා සිසුන් 27දෙනෙකු තුවාල ලබා 7 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ගත කරන ලද සිසුන් 27 දෙනාගෙන් 12දෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඉතිරි සිසුන් රාත්‍රිය වන විට ප්‍රතිකාර ලබා ආපසු නිවෙස්වලට ගොස් තිබේ.

විදුහල් භූමියේ ගසක තිබූ බඹර කූඩුවක් වඳුරන් විසින් කඩා දැමීම නිසා බඹරුන් ඇවිස්සී සිසුන්ට දෂ්ට කර තිබේ.

බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ සවස් කාලයේ දී පාසල නිමවීමත් සමගය.

සිසුන්ට බඹරුන් දෂ්ට කිරීමෙන් පසුව පළාතේ සමෘද්ධි නිලධාරියා විසින් ඔහුගේ වාහනයෙන් අවස්ථා කීපයකට සිසුන් රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර තිබේ.

පාසලේ ඊට අමතරව තවත් බඹර කූඩු කීපයක් ඇති අතර ඒවා කිළිනොච්චියේ වන ජීවී නිලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment