බයවෙන්න එපා හෙට ලංගම බස් 4000ක් දුවනවා – ලංගම නි. සාමාන්‍යාධිකාරි

259

හෙට 6 දා හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුවද ලංගම බස් රථ 4000 කට වැඩි සංඛ්‍යාවක් ධාවනය වන බව ශ්‍රී ලංකා

ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘දිවයින’ට (03දා) පැවසීය.

මගී ජනතාව අපහසුතාවයට පත් කිරීමේ කිසිදු තීරණයක් ලංගම ගෙන නැතැයිද ඒ මහතා කීය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.

බස් දිව්වේ නැත්නම් සේවකයන්ට පඩි ගෙවන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය වැඩ කරනවා. බයවෙන්න එපා 6 වැනිදා ලංගම බස් වැඩකරනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment