බයිට් එක කාලා දොර රෙද්දෙන් අත පිහදාගන්න පින් අඩිකාරයෝ

169

‘‘තෝර මාළු කෑල්ලක් කෑවේ නැහැ.. හුඟක් කාලයකින් බිරිඳට ඇසෙන්න’’ මම කීවෙමි.

‘‘කෙහෙල්මල මාළුකාරයාට වඩා වටිනවා දැන් මුහුදේ ඉන්න මාළු. තෝර මාළු ග‍්‍රෑම් 250ක් ගන්න රුපියල් අටසීයක්වත් යයි’’ ඔහේට ඔල්මාදේ.

‘‘මාළු ගණන් කියන හැටියට මිනිස්සු පෙෂර් එක හැදිලා මැරෙන්නේ’’

‘‘කෑගහන්න එපා…. යෝධියේ ශාන්තිලාගේ ගෙදරට ඇහෙනවා… ඒ මිනිස්සු හිතයි. අපි ලොකු සල්ලිකාරයෝ කියලා…. තෝර මාළු කන්නේ දැන් මැණික් මුදලාලිලා විතරයි’’ මම කීවෙමි.

‘‘මගේ උපන් දිනයට යාළුවෝ ටික ගේන්න සැට් වෙන්න ඕනෑ.’’

‘‘ඔහේ ඕවට ලෑස්ති වෙන්න එපා. උන් ටික අරක්කු බීලා යයි’’ අර මාටියාගේ කොල්ලා බොනවට වඩා බයිට් කනවා’’ ටිෂු කොළ කොච්චර තිබ්බත් ඒකා අත, මුහුණ පිහ දාගන්නේ දොර රෙද්දෙන්….. එකෙකුට බොන්න දෙන්න එපා… මේ කන බොන කාලයක් නෙමේ.’

‘‘උන් උපන් දිනයට පාටියක් ඉල්ලනවා’’ මම කීවෙමි. ඔය පිනට අරක්කු බොන එකෙක් මේ පැත්තට ගේන්නේ නැහැ තේරුණාද?

‘‘අර සිල්වෙස්ටර් හැමදාම එන්නේ උපන් දිනයට අත වන වනා ඇවිල්ලා රුපියල් දාහක දෙදාහක වෙන්න කාලා බීලා යනවා.

‘‘මොනවා වුණත් මාටියාගේ කොල්ලා පුංචි බිස්කට් පැකට්එකක් ගේනවා’’ .. බයිට් එකට කියලා දොමිනික් බැදපු වඬේ ටිකක් ගේනවා තේරුණා.’’

‘‘කෙහෙල්මල…. උන්ටික ඔයාටයි පාටි දාන්න ඕනෑ තේරුණාද? අර පොලියට සල්ලි දීපු මැගිලින්ට පොලිය දෙන්න ඕනෑ ඔහේගෙ උපන්දින දවසෙයි තේරුණාද?’’

‘‘මේ ගොල්ලෝ වෙනුවට ජේ. පී. මහත්වරු බලයට ආවොත් ෂෝක්. එයාලගේ කැබිනට් මණ්ඩලයත් අඩු කරනවලූ’’ මම කීවෙමි.

‘‘ඔය කවුරු කවුරුත් බලයට එන්න ඉස්සර වෙලා අපිව අන්දවනවා. ඒත් ජේ. පී. මහත්වරු බලයට එයි කියලා හුඟක් ඉස්සර ඉඳලා කියවනවා. පව් අහිංසකයෝ. එයාලගේ නම විකුණලා පසුගිය කාලයේ එක එක සෙල්ලම් කෙරුවා. එතකොට මේ කට්ටිය මොන්ටිසෝරි දරුවෝ. ඒකනේ ඔය රැුස්වීම්වලදී එයාලා ඉතිහාසයේ කරපු දේවල් ඒ ගොල්ලෝ දන්නේ නැත්තේ.’’

‘‘දැන් බලනකොට මේ වෙන දේවල්වලට කවුද මීළඟට බලයට එන්නේ’’ බිරිඳ ප‍්‍රශ්නයක් මතු කළාය.

‘‘ඇත්ත තමයි. මාත් කල්පනා කළේ මීළඟට කාටද බලය දෙන්න ඕනෑ කියලා. මට හිතෙනවා ඔයාව ඉදිරිපත් කරන්න.’’

මහජන තීන්දුව අනුව තෝරන මාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න පුළුවන්.

ඡුන්ද විමසීමකට යොදන ලකුණ තමයි ප‍්‍රශ්නය මම කීවෙමි.

ගෑස් සිලින්ඩරය…. චිකේ ඒනම සවුත්තු වෙලා තියෙන්නේ

විදුලි බුබුළ

ඒ නමත් කැතවෙලා

යූරියා පොහොර පාර්සලය ඒ නමත් අබ්ලික්…

යකෝ හරි වැඩක්නේ

දැන් ඡුන්දය විමසන්නත් ලකුණක් නැහැ.

එහෙනම් ඔය පක්ෂ පාවිච්චි කරන ලකුණක් ගනිමු.

‘‘ඒක අසාධාරණයි. එතකොට මහ ඡුන්දයකට මට පාඩු වෙනවා.’’

‘‘හරි නියම ලකුණත් ආවා.’’

‘‘පට්ට සිරා ලකුණක්ද’ මම ඇසුවෙමි.

කැරට් අලේ බිරිඳ කීවාය.

නියම පට්ට ආතල් ලකුණක්.

අපි තරම් කැරට් අල කන මිනිස්සු කොහේවත් නැහැ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment