බයිඩන් සමග යුක්‍රේනයට ගිය මාධ්‍යවේදීන්ට දුරකථන ළඟ තබාගැනීමට ඉඩ නොදෙයි

286

ඇමෙරිකානු ජනපතිගේ යුක්‍රේන සංචාරයට සහභාගි වූ මාධ්‍යවේදීන් දෙදෙනාට සිය ජංගම දුරකථන ළඟ තබාගැනීමට ආරක්‍ෂක අංශ ඉඩ ලබාදී නැත. වොල් ස්ටී්‍රට් ජර්නල් පුවත්පතේ මාධ්‍යවේදිනියක් හා එක් ඡායාරූප ශිල්පියෙක් මේ ගමන සඳහා තෝරාගෙන ඇති අතර ඔවුනට ගමනාන්තය කුමක් දැයි දැනුම් දී නැත.

මොවුන් ඉරිදා (19 දා) රාත්‍රියේ ගුවන් යානයට ගොඩවෙද්දී තම ජංගම දුරකථන ආරක්‍ෂක අංශ වෙත භාරදී ඇති අතර එය නැවත ලැබී ඇත්තේ පැය 24කට පසුවය.

සාමාන්‍යයෙන් ඇමෙරිකානු ජනපතිවරයාගේ විදෙස් ගමනක් සඳහා මාධ්‍යවේදීන් 12 දෙනෙකු පමණ සහභාගි කරගනී. මේ ගමන සඳහා සහභාගි වී ඇත්තේ සබි්‍රනා සිද්දීක් හා එවන් වැඩි නම් ඡායාරූප ශිල්පියෙකි. ඇමෙරිකානු ජනපතිවරයා පෝලන්තයේ සිට දුම්රියෙන් යුක්‍රේනයට ළඟාවූ අතර එරට පැය පහක් රැඳී සිටියේය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment