බයියුරේට් ප්‍රතිශතය 0.9% යි: ඉන්දීය පොහොරවල  ගැටලුවක් නෑ

92

ඉන්දීය රජය විසින් ලබාදෙන ලද යූරියා පොහොර ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුළු වගාවන් සඳහා යෙදවීමට කිසිදු ගැටලුසහගත තත්ත්වයක් නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දුන්නේය.

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යූරියා පොහොර සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් මෙරටට ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව මෙරට රසායනාගාරයකට පොහොර සාම්පල් යවා ඒවායේ අන්තර්ගත බයියුරේට් ප්‍රතිශතය සම්බන්ධව ඉල්ලන ලද වාර්තාව පෙරේදා (11දා) පස්වරුවේ ජාතික පොහොර ලේකම් කාර්යාලයට ලැබී තිබිණි.

මෙම යූරියා පොහොරවල බයියුරේට් ප්‍රතිශතය 0.9% ක් බව එම වාර්තාව සනාථ කර තිබේ. මින් පෙර මෙම පොහොර සම්බන්ධව අන්තර්ජාතික රසායනාගාර වාර්තා 03ක් ලබාගත් අතර, එම වාර්තා ද සඳහන් කර තිබුණේ බයියුරේට් ප්‍රතිශතය 0.65%ක අගයක් ගන්නා බවයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද යූරියාවල බයියුරේට් ප්‍රතිශතය 1%කි.

ඒ අනුව මෙම පොහොර වී, බඩඉරිඟු ඇතුළු භෝග සඳහා අද (13 දා) සිට ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැරීමට කටයුතු යොදා ඇත.

උපාලි ද සේරම් සහ අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment