බර ඉසිලීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 22කගේ දක්ෂතා 17 වැනිදා ඇගයේ

156

ජාතික පුහුණු සංචිතගත බර ඉසිලීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 22ක් ලබන ඔක්තෝබර් මස 17 දින කැඳවා දක්ෂතා ඇගයීමේ පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය බලාපොරොත්තුවේ.

උසස් දක්ෂතා පුහුණු සංචිතයේ සාමාජික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 13 කු සහ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය සඳහා සහභාගි කර වීමට අපේක්ෂිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙම පරීක්ෂණය සඳහා කැඳවීමට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය තීරණය කර තිබේ.

මීළඟ ආසියානු ක‍්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් මෙම පුහුණු සංචිතය ක‍්‍රියාත්මක කෙරේ.

මෙම ඇගයීමේ පරීක්ෂණය පැවැත්විය යුතු ස්ථානය තීරණය කිරීම උදෙසා අද දින (30* තම සහභාගිත්වය ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයට සනාථ කරන මෙන් පහත සඳහන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටී.

තිලංක විරාජ් පළගසිංහ, චතුරංග ලක්මාල් ජයසූරිය, ඉන්දික චතුරංග දිසානායක, ඇන්ටන් සුදේශ් පීරීස්, ශානක මධුසංඛ පීටර්ස්, ඩබ්ලිව්.පී. උශාන් චාරුක, දිනූෂා හංසනී ගෝමස්, චමරී මෙන්ඩිස් වර්ණකුලසූරිය, බී.සී. චතුරිකා ප‍්‍රියන්ති, තිමාලී හපුතැන්න, චින්තන ගීතාල් විදානගේ, ඩිලංක ඉසුරු කුමාර, සමන් අබේවික‍්‍රම, කමල් දේශප‍්‍රිය එගොඩවත්ත, රුචිර ආර්. ජයසේන, ශ‍්‍රීමාලි සමරකෝන්, එම්. උමෙයිරා, එන්.එස්. රාජපක්ෂ, ආශිකා විජේබාස්කර්, ජී.ජී.ඞී.ටී. ගුරුගම, මනෝජ් මධුවන්ත විජේසිංහ සහ සංජනා වෙදආරච්චි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment