බර ඉසිලීමේ නව ශී‍්‍ර ලංකා වාර්තා පහක්

487

පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි ජාතික ක‍්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී පවත්වන ලද විශේෂ බර ඉසිලීමේ පරීක්ෂණයේදී නව ශ‍්‍රී ලංකා වාර්තා 05 ක් බිහි කරමින් කැපී පෙනෙන්නට චින්තන ගීතාල් විදානගේ (03), තිලංක විරාජ් පළගසිංහ (01) සහ චානක පීටර්ස් (01) සමත් වූහ.

කිලෝ ග‍්‍රෑම් 89 ට අඩු බර පන්තිය යටතේ තරග කළ චින්තන ගීතාල් විදානගේ ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 135 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 165 ක් ද මුළු බර එකතුව ලෙස කිලෝ ග‍්‍රෑම් 300 ක් ද සාර්ථකව ඔසවමින් නව ශ‍්‍රී ලංකා වාර්තා ත‍්‍රිත්වයකට හිමිකම් කීවේ තමන් සතු රිද්මයේ අඩුවක් නොමැති බව මැනවින් ඔප්පු කරමිනි.

කිලෝ ග‍්‍රෑම් 67 ට අඩු බර පංතිය යටතේ තරග කළ තිලංක විරාජ් පළගසිංහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 150 ක් ඔසවමින් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් බිහි කළ අතර කිලෝ ග‍්‍රෑම් 102 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් චානක පීටර්ස් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 174 ක් ඔසවමින් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටු විය.

ඉහළ දක්ෂතා සංචිතයේ සහ ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව විශ්වාසනීයත්වය ගොඩනගා ගැනීම අරමුණු කර ගනිමින් මෙම පරීක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය පියවර ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment