බර වැඩි අය වැඩිවෙලා

125

ශ්‍රී ලාංකික ජනතාව අතර අධික තරබාරුවට ලක්ව සිටින සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

2021 වසර වන විට බර වැඩි සහ තරබාරු පුරුෂයන්ගේ සංඛ්‍යාව සියයට 30%ක් ලෙසද කාන්තාවන්ගේ සංඛ්‍යාව සියයට 48%ක් ලෙසද වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය පවසයි.

ශ්‍රී ලාංකික දරුවන් අතරින් සියයට 10% ක්ද බර වැඩි සහ තරබාරු තත්ත්වයේ පසුවන බවත් ඇය සඳහන් කරයි.

මෙම තත්ත්වය නිසා හෘද රෝග, අධි රුධිර පීඩනය, ආඝාතය, දියවැඩියාව, ඇතැම් පිළිකා සහ පෙනහළු රෝගවලට මෙම පිරිස් ගොදුරුවීමේ අවදානම ඉහළ ගොස් සිටින බව ද විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය පවසයි.

මෙම තත්ත්වය වළක්වාගැනීම සඳහා වයස අවුරුදු 35 ට වැඩි පුද්ගලයන් තම උසට සරිලන බර හඳුනාගැනීම, අධි රුධිර පීඩනය, රුධිර සීනි පරීක්‍ෂාව, කොලෙස්ටරෝල් පරීක්‍ෂාව, ඇස් පෙනීමේ පරීක්‍ෂාව ආදී වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමුවන ලෙස විශේෂඥ වෛද්‍යවරිය ඉල්ලා සිටියි. ඒ සඳහා රට පුරා සුවදිවි මධ්‍යස්ථාන දහසකට අධික සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ක්‍රියාත්මක කර තිබෙන බවත්, එම මධ්‍යස්ථාන ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන, ප්‍රාදේශීය රෝහල් සහ දිස්ත්‍රික් රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක බවද සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment