බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණෝ

1907

අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි ජන්ම දින ගුණ සමරුව කෘතවේදීව සිදු කරන්නට උන්වහන්සේගේ සිසු දරුවන් විවිධ තරාතිරමේ ගිහි සිසුන් හා දායකයන් මෙම වසරේද සූදානම් වනු පෙනේ.

 උන්වහන්සේ අභිමානවත් උතුම් ජීවිතයේ අවසන් කල ළ`ගින්ම සිට උපස්ථාන කටයුතු සිදුකළ වර්තමාන ඊශ‍්‍රාලයේ ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරාධිපති ගෞරව ශාස්ත‍්‍රවේදී බඹරකොටුවේ ආනන්ද මංගල හිමියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සිසුදරුවන් සමග සංවිධානය කරන මෙම කෘතවේදී පිංකම මෙම අගෝස්තු මස 24 වෙනි දිනට යෙදේ. එදින උන්වහන්සේගේ 125 වැනි ජන්ම දිනයයි.

 වීසිවෙනි සියවසෙහි ශ‍්‍රී ලංකාව තුළ පහළවූ, විදර්ශනා ධුරය හා ග‍්‍රන්ථ ධුරය එක ලෙසම පරිහරණය කරමින් එහි විශද ලක්ෂණ සිය ප‍්‍රායෝගික ජීවිතය තුළින්ම ප‍්‍රදර්ශනය කළ සුවිශේෂී පැවිදි පඩිරුවනක් වෙත් නම් ඒ අන් කවරෙක්වත් නොවේ, එතුමෝ අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණෝමය.

 එදා මෙදාතුර ශ‍්‍රී ලාංකික අනන්‍යතාව මැනවින් විශද කළ මහා බෞද්ධ සම්ප‍්‍රධාය පරිපූර්ණව අර්ථවත් කළ ග‍්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරය සමව ප‍්‍රගුණ කළ මහා යතිවරයාණන් වහන්සේලා අපට බෙහෙවින් හමුනොවේ. සමහරක් යතිවරයාණන් වහන්සේලා ග‍්‍රන්ථ ධුරයෙහි කෙළ පැමිණ ග‍්‍රන්ථ සම්පාදනය කරමින් ධර්ම දානයෙහි නිරත වූහ.ශ ිෂ්‍යයන් තනමින් ශාසන පැවැත්ම වෙනුවෙන් දිවා රාත‍්‍රී වෙහෙසුනහ. ඒ අතරත විදර්ශනා ධුරය වැඩුවෝ නිශ්සරණාධ්‍යාශයෙන් යුතුව බවුන් වඩමින් ආරණ්‍යවාසිකව හෝ ග‍්‍රාමවාසීව හුදෙකලා ජීවිතයම අගය කළහ.

 මෙම ධුරයන් දෙකෙහිම ඉහළ තලයන් ස්පර්ශ කළ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ විටෙක භාවනානුයෝගීව භාරතයෙහි හිමාලය දක්වා විවිධ ආශ‍්‍රමවල යෝගීන් මුණ ගැසෙමින්, යෝග භාවනාවල යෙදෙමින් නිරන්තරව ධර්මය සොයා ගිය බෝසත් උතුමෙකි.

 තවත් විටෙක භාවනා අත්දැකීම් අනුසාරයෙන් පොත් පත් ලියමින්, බුදුහාමුදුරුවෝ පිළිබඳව බුද්ධ චරිතය ආශ‍්‍රිතව විවිධ ග‍්‍රන්ථ රචනා කරමින් බොහෝ ජනයන් තුළ අපමණ ලෙස ශ‍්‍රද්ධාව ජනිත කරවීමට ග‍්‍රන්ථ ධුරය බෙහෙවින් භාවිතා කළ අසහාය ප`ඩිරුවනකි. සිංහල, පාලි, සංස්කෘත හා ඉංග‍්‍රීසි භාෂා කුශලතාව ගිහි පැවිදි සැමට ආදර්ශමත්ය. මෙම ධුරයන් දෙකෙහිම හුදී ජන පහන් සංවේගය ඇතිකරවමින් පරාර්ථචර්යාව ප‍්‍රගුණ කළ පාරමිතා සපුරණ පසුකාලීනව උන්වහන්සේ සමහරුන් හඳුනාගත් පරිදි බුදුබව පතන මහා බෝසත්චර්යාව අත්දැකීමට වෙර දරණ මහා සත්පුරුෂයෙකි.

 උන්වහන්සේගේ චරිතය හා ජීවිතය හැම අංශයකින්ම විචිත‍්‍රය. වර්ණවත්ය. සාඩම්බරය. සාටෝපවත්ය. සමාන කළ නොහැකිය. පුරාකෘත පුණ්‍ය බලමහිමියන් ලද ප‍්‍රතාපවත් ආරෝහ පරිණාම දේහ විලාසය බෙහෙවින් ආහ්ලාද ජනකය. සිත් ගණනා සුළුය. දෙනෙත තීක්ෂණය, නාසය මහා පුරුෂ ලක්ෂණයක් සේය. ලොකු කුඩා කවුරුත් දෙවරක් බලන්නේමය. අතීත ශීලවන්ත ගුණවන්ත මහතෙරවරුන් පරපුර සිහිගන්වන සුළුමය.මේ බාහිර පෙනුමය.

 විටෙක උප කුලපතිවරයෙකි. විටෙක ථෙරවාදයට මහායානයට ද සමව පිරිපුන් මහාචාර්යවරයෙකි. විටෙක දහස් ගණනාවක් සියලූ බෞද්ධ රටවල සියලූ බහුශ‍්‍රුැත වියත් මහා ස`ගරුවන නියෝජනය කළ ඓතිහාසික හයවැනි බුරුම මහා සංඝායනාවේ මුලසුන්පතිය. විටෙක ජනපති අගමැති මැතිඅමැතිවරුන්ට උපදෙස් ලබා දුන් කීර්තිමත් අනුශාසකවරයෙකි. රජමැදුරේ සිට  බලංගොඩ ඈත ගම්පියසක පිටිසර ජනතාවකට පැය ගණනක් පයින් ගමන්කොට කාරුණික හදවතින් බණ දෙසන නිහතමානි යතිවරකි. මෙම සියලූ උත්තුංග මහනීය ගුණාංග එක් පෞරුෂයකට ගොනු කළ ශ‍්‍රී ලංකා මාතාව බිහිකළ අභිමානවත් බුද්ධපුත‍්‍රයාණෝ අතිපූජනීය ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණෝමය.

 බලංගොඩ උඩමුල්ලේ නන්දනාරාමය, මහරගම චන්ද්‍ර ශේඛරාමය, ආනන්ද මහා විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, විද්‍යෝදය සරසවිය උන්වහන්සේගේ සෙවන ලද සේවා ආයතනයන්ය. එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ විහාරය, කින්ස්බරි බෞද්ධ විහාරය, අමරාවතී බෞද්ධ විහාරය, ප‍්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ විහාරය, අමෙරිකාවේ නිව්යෝක්, ලොස්ඇන්ජලිස් බෞද්ධ විහාර උන්වහන්සේගේ විදේශ ධර්ම ප‍්‍රචාරක සේවාවන්හිදී සෙවන ලද විහාරස්ථාන රාශියක් අතරින් ප‍්‍රධාන කීපයකි.

 උන්වහන්සේට තනතුරු තානාන්තර දස අතින් ප‍්‍රදානය කෙරිණ. උපකුලපති, මහාචාර්ය තනතුරු හැරුණු කොට මහානායක පදවි, අභිධජමහාරට්ඨ ගුරු, අග්ගමහා පණ්ඩිත, ත‍්‍රිපිටක වාගීශ්වරාචාර්ය, ප‍්‍රවචන විශාරද, සාහිත්‍ය චක‍්‍රවර්ති, සාහිත්‍ය ශුරී වැනි දේශීය මෙන්ම රට රාජ්‍යවලින් ද ලද සම්භාවනීය සම්මාන තනතුරුය. උන්වහන්සේගේ බහුශ‍්‍රුත පාණ්ඩිතත්වය කුශලාග‍්‍ර බුද්ධිපාඨකත්වය අතිශය විශ්මය ජනක අනුස්මරණ කුශලතාව මෙම තනතුරුවලින් මැනවින් අභිමානනයට පාත‍්‍ර කෙරිණ. එම තනතුරු තම සහජ නිහතමානිත්වයට කිසිවිටෙක බාධාවක් ලෙස භාවිතා නොකළ අතර කිසි තැනක ඒවා සඳහන් කරන්නට ද උත්සුක නොවූහ. එම තනතුරු උන්වහන්සේට නොව එම තනතුරුවලට ආභරණයන් ලෙස ප‍්‍රකට විය. උන්වහන්සේ ඕනෑම ලේඛනයකට අත්සන යෙදුවේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය යන සිය මුල් නමින්ම පමණි.

 මෙම ගුණ සමරු උත්සව සමයේදී අපිදු උන්වහන්සේගේ ආධ්‍යාත්මක ප‍්‍රාර්ථනා සියලූ‍ ආකාරයෙන් සමෘද්ධ වේවායි අපමණ ගෞරව භක්තියෙන් යුතුව ප‍්‍රාර්ථනා කරමු.

 ස්විට්සර්ලන්තයේ ප‍්‍රධාන සංඝ නායක,  ජිනීවා ජාත්‍යන්තර  බෞද්ධ විහාරයේ
 ආචාර්ය තවලම ධම්මික නාහිමි

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment