බලංගොඩ නාහිමිගේ මව දෙව්ලොව දෙවගනක්ව උපත ලබයි…..

728

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛතී‍්‍ර නාහිමියන් විසින් සටහන් තබන ලද සුවිශේෂී දිනපොත් කිහිපයක් හමුවී තිබේ. මෙතැන් පටන් එම දින පොතෙහි සටහන්ව ඇති වැදගත් සටහන් රැුසක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ මගින් ඉදිරිපත් කෙරේ.

පියා මෙතියස් අප්පුහාමිය. මව හීන් මැණිකේය.

මොහුගේ ප‍්‍රධාන නම ආනන්ද මෛත‍්‍රය තවත් නමක් විලියම්ය.

බලංගොඩ නාහිමිගේ මව දෙව්ලොව දෙවගනක්ව උපත ලබයි.....
බලංගොඩ නාහිමිගේ මව හා පියා

ලග්නය වෘෂභ එහි කුජ සිංහයෙහි ද රවි ගුරු කේතු කන්‍යාවේ බුධ තුලාවේ ශනි කුම්භයේ රාහු චන්ද්‍ර මෙසේ ග‍්‍රහයෝග ඇතිව උපන් මෙතෙම සිය ශිෂ්‍ය මෛත‍්‍රී මූර්ති ගෞතම බුද්ධ කාලයෙන් පසු කවුරුදැයි අසයි.

බලංගොඩ නාහිමිගේ මව දෙව්ලොව දෙවගනක්ව උපත ලබයි.....


1. හේ බුද්ධ සමයෙහි එළදෙනෙක් විය.

2. ගෞතම මුනිඳුන්ට ඕ කිරිදුනි. ඊළ`ග අත්බවෙහි හේ බුදුනගේ ශ‍්‍රාවකයෙක් විය. ඒ කාලයේ බුද්ධ ශ‍්‍රාවකයනට බොහෝ හිරිහැරවලට මුහුණ පාන්නට විය. හෙතෙම බුදුනට මෙම හිරිහැර ඇති නොවෙතැයි සිතීය.

3. හේ ප‍්‍රභූන්ගෙන් මුදල් ලබාගෙන ආරාමවලට උපකාර කළේය.

4. හේ මෙයින් සංඝයාගේ අභිවෘද්දිය ඇති කළේය. ඒ මුදලින් බොහෝ දුප්පතුන්ට ද උපකාර කළේය. බොහෝ මිනිසුන් බුද්ධ ධර්මයෙහි පැහැද වීය. බුදුදහම පැතිර වීමෙහි යෙදින. බුදුගුණ වයමින් දහම් දෙසීය. මේ සත්ක‍්‍රියා නිසා හැම දෙනා ඔහුට හැමදෙනාම උසස් කීර්ති ගෞරව සත්කාර කළේය.

ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ මව පිළිබඳව නාඩි වාක්‍යයෙහි කියා ඇති දේ හීන් මැණිකේ මැතියස් අප්පුහාමි යන දෙදෙනාගේ පුත‍්‍රවූ ආනන්ද මෛත්‍රෙය නමැත්තා තම මව ඉපිදී ඇති තැනද තමන්ට ඈ දකින්නට නොලබා තමා කුඩා කාලයේම ඈ කළුරිය කළ බවද කියයි. මේ තැනැත්තිය තම ස්වාමියාට කීකරුව පැවතියාය. මහරහත් බලංගොඩ ආනන්ද මෛත‍්‍රී නාහිමි කුඩා කළ රැුකබලාගත් නාහිමියන්ගේ ලොකු අප්පච්චි සහ ලොකු අම්මා එපමණක් නොව ආගම ධර්මය පරිදි පිරිසිදු සිතින් කල්ගත කළාය. දුගී මගී යාචකාදීන්ට ආහාරපාන දීමෙන් උදව් පදව් කරමින් කාළය ගත කළාය.

ඈ ඒ කාළයේ ගෞතම බුදුන් සරණ ගොස් සිටි නිසා මිනිස් ලොව උපත නොලබා දෙව`ගනක්ව ඉපිද සිටියි. ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් තමන් පිළිබඳව නාඩි වාක්‍ය තුළින් කරුණු අසයි

1. පියා මෙතියස් අප්පුහාමිය. මව හීන් මැණිකේය. මොහුගේ ප‍්‍රධාන නම ආනන්ද මෛත‍්‍රය තවත් නමක් විලියම්ය.

2. ලග්නය වෘෂභ එහි කුජ සිංහයෙහි ද රවි ගුරු කේතු කන්‍යාවේ බුධ තුලාවේ ශනි කුම්භයේ රාහු චන්ද්‍ර මෙසේ ග‍්‍රහයෝග ඇතිව උපන් මෙතෙම තම රෝගී තත්ත්වය කියා ප‍්‍රතිකාර අපේක්‍ෂා කරයි.

3. උසස් මිනිසුන් බොහෝ දෙනෙක් හා නොයෙක් කාර්යන් ද කතාබහ ආදියට කල්ගත කරයි. නමුත් එයින් පලක් නැත. දැන් කල්වේලා නියම කර ගෙන කටයුතු නියමාකාරයෙන් රැුක ගැනීමට උත්සාහ ගත යුතුයි. එවිට ලොකු අය අතර බොහෝ කටයුතු බලන්නට තිබේ. එයින් සිතට කරදර බොහෝය. මේ බාහිර දේ ගැන නොතකා පැවතිය යුතුය. ක‍්‍රමානුකූලව අනුන් කියන දේ නොඅසා තමා රිසි පරිදි උසස් ගුණවත් සෘෂීන් ආදීන් ඇසුරු කළ යුතුය. මේ ක‍්‍රමය අනුව යෑමෙන් වයස 56 පසු වූ විට ස්මෘතිය වැඬේ. 60 න් පසුව අන් කිසිවක් නොතකා මෞන්‍ය හා ආනන්දය පිරිය යුතුයි. අනුන් හා කතාබහ නවත්වා ආරාම වැසියනට ඉගෙනීම පමණක් කළ යුතුයි.

4. 60 න් පසු භාවනා කළ යුතුයි. සමාධිය වැඩිය යුතුයි. මෙසේ යෝග නිෂ්ඨා කළහොත් සියලූ අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ වෙයි. ඉන්පසු සිතු පමණින් කාර්ය සිද්ධිය වේ.

5. අනෙක් අය හෙට වෙන දේ නොදනී. නමුත් ඔබ එය දැන අනුන්නට කියයි. මුලදී අන්නු නොඅදහති. නමුත් පසුව පිළිගනී මේ ගැන සෙස්සන්ටද කියයි. සිත මෙසේ බලවත් වෙයි.

6. මේ ගැන වෙන බෙහෙතක් නුවුමනාය.

දැන් ඔබ මහත්මයන් හා සම්බන්ධකම් ඇති 65 න් පසුව ඔවුන් හා මිත‍්‍රවේ.

7. භාවනාවට බාධා ඇති විය. මෙය වූයේ අන්හට කරුණාවෙන් කටයුතු කිරීමට යෑමෙනි. එබැවින් සෑම විටම භාවනාවටම සිත යෙදිය යුතුය.

8. වයස 56 තෙක්ම සිහිමඳ ගතිය පවතී. ඉන්පසු මෙම භාවනාව නිසා ස්ථීර සිත ද ඇස් පෙනීම ද දියුණු වේ.

මගේ ජීවිත විස්තරය කියන කෞෂික සෘෂිවරයාගේ නාඞ් වාක්‍යය

1. මෙම ඇ`ගිලි සළකුණට දෙමළෙන් මර්වනස් (Maruavns)  නමින් හැඳින්වෙයි. එම ඇ`ගිලි සළකුණෙහි තිත් හතරක් සටහන්ව ඇත. දෙමළ වර්ෂයට අනුව හැඳින් වෙන්නේ (දුමාර්කි)  :(Dumarki) වශයෙනි. උදාහරණයක් වශයෙන්. 1896 හැඳින්වෙන්නේ අමානි (August) වර්ෂයේ අගෝස්තු මාසයයි. මෙම තැනැත්තා උපත ලබා ඇත්තේ වෘෂභ ලග්නයෙනි. ඉරිදා දවසක දෙවන භාගයේය. 23 වන ඉරිදා වෘෂභ ලග්නයෙන් උපත ලබා ඇත.

මහා සෘෂි කෞෂික සෘෂිවරයාණෝ කේන්ද්‍රයට අනුව පළමු කොටුවේ කුජද, හත්වන කොටුවේ බුධද, හයවන කොටුවෙහි ශනිද, දහවෙනි කොටුවේ චන්ද්‍රයාද රවි, ගුරු සිකුරු සහ කේතු …. කොටුවේද සටහන්ව ඇත.

ඔබ ඉපදී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ කඳුකර පළාතකය. ගෞරවාන්විත බෞද්ධ පවුලකයි ඔබ ඉපදී සිටින්නේ.

ඔබගේ මව සහ පියා මේ වන විට ජීවතුන් අතර නැත.

ඔබ ඉපදී දින කීපයකට පසු ඔබගේ මව මෙලොව හැර ගියාය. පියා ගම හැර ගොස් වෙන පළාතකට ගොස් දෙවන විවාහයක් කරගෙන සිටී.

මෙම දරුවාගේ කුඩා කළ පටන්ම දෙමව්පියන්ගෙන් ලැබිය යුතු ආදරය සෙනෙහස නොලැබුණි.

මොහු හදාවඩා ගත්තේ පියාගේ සහෝදරයකු විසින්. ළමා කාලයේ පටන්ම මෙම දරුවාට තම දෙමවුපියන්ගෙන් ලැබිය යුතු ආදරය සෙනෙහස නොලැබුණි.

ළමා කාලයේ සිටම මෙම දරුවාට ආගමික දැනුමක් තිබුණු අතර ආගමික හැදියාවට අනුව ඔහු ජනතාවට සේවය කළේය. හෙතෙම ආගමික දේවල් සඳහා අවශ්‍ය දැනුම තමන්ම ඉගෙන ගන්නේය.

වයස අවුරුදු 15 දී ඔහු භික්‍ෂුවක් බවට පත් වන්නේය. ඉන් පසු ඔහු ගිහිගෙයි සියලූ සම්බන්ධතාවයන් අත් හරයි. සියලූ සබඳතාවයන් සිඳ බිඳ දමන්නේය. ඉන්පසු මොහු තනිවම ඉගෙන ගන්නේය. ඔහු නොයෙකුත් භාෂා ඉගෙන ගන්නේය. මෙතෙම වෙනත් ක්‍ෂේත‍්‍රයන්හි ද ශෑරයෙක් වන්නේය. මෙම තැනැත්තා ජ්‍යෙතිෂ්‍ය කටයුතු පිළිබඳව ද හසල දැනුමක් ඇති ප`ඩිවරයෙකි. ඔහු සෑම ක්‍ෂේත‍්‍රයේදීම ගෞරවාන්විත තැනැත්තෙක් ලෙස පිළිගැනීමට භාජනය වන්නේය. ආගමික අංශයෙන් පමණක් නොව මෙම තැනැත්තා ජ්‍යෙතිෂ්‍ය කටයුතු පිළිබඳව ද හසල දැනුමක් ඇති ප`ඩිවරයෙකි.

ජ්‍යෙතිෂ්‍ය කටයුතු ඔහු ඉගෙන ගන්නේ ස්වෝත්සාහයෙනි. තමන් ලබා ගන්නා දැනුම ඔහු පාවිච්චි කරනු ලබන්නේ මානව සංහතියේ අභිවෘද්ධිය පිණිසය. තරුණ කාලයේදී ඔහුගේ කාර්යන් ඉටු කරන්නේ ආගමික කටයුතු පාදක කරගෙනය. හෙතෙම විහාරාමාදිය ද ළමුන් සහ තරුණයන් සඳහා ද ආයතන ඉදිකරනු ඇත.

දැනුදු ඔහු උත්කෘෂ්ඨ අන්දමේ විහාර මන්දිරයන් ඉදි කිරීමේ හැකියාවක් තිබේ. එය නවීන අන්දමට ඉදිකරනු ඇත. ඉන් පසු මොහු ඉතා ජනාදරයට පත්වෙනු ඇත. මොහුගේ කටයුතු සඳහා රජයෙන් ද ආධාර අනුග‍්‍රහය රාජ්‍ය අනුග‍්‍රහය ලැබෙයි.

ගුරුවරුන් විසින් මහත් භක්ත්‍යාදරයෙන් සළකනු ඇත.

නොයෙක් අවස්ථාවල විදේශ රට රාජ්‍යවල සංචාරය කිරීමට අවස්ථාව සැලසෙයි.

අනාගතයේදී ජපානය වැනි රටවලට සංචාරය කිරීමේ අවස්ථාව උදාවෙයි. ඒ හැරුණු විට අනාගතයේදී බුදු දහම ව්‍යාප්ත වෙන රටවලට ද සංචාරය කිරීමේ අවස්ථාව ඔබට හිමිවෙයි. අන් අයට ආශිර්වාද කිරීමේ ශක්තිය ද ඔබට ලැබෙයි.

එම සංචාරයන් නිසා ඔබ බොහෝ සේ ජනප‍්‍රියත්වයට පත්වෙනු ඇත. ආගමික කටයුතුවලදී ඔබ බොහෝ සේ පිළිගැනීමට ලක්වෙයි. එසේම අන් අයට ආශිර්වාද කිරීමේ ශක්තිය ද ඔබට ලැබෙයි.

ඔබ විසින් මුද්‍රණාලයක් ද පවත්වාගෙන යනු ලබන අතර ඔබ විසින් විවිධ කරුණු අලලා කරන ලද දේශනාවන්ද ආගමික පොත පත ද මුද්‍රණය කොට බෙදා හැරීමේ අවස්ථාවක්ද ඔබට හිමිවෙයි. මෙම කාලයේදී ඔබට අනාගතයේ සිදුවෙන දේ පිළිබඳව පුරෝකථනය කිරීමේ ශක්තිය ඔබට ලැබේ. එසේම මෙම කාලයේ දී පාලකයන්ට උපදේශකයෙක් වශයෙන් ද මග පෙන්වන්නෙක් වශයෙන් ද කටයුතු කිරීමේ අවස්ථාවන් උදාවෙයි.

ඒ සියලූ කටයුතු ආගමානුකූලව ඔබ විසින් ඉටු කරනු ඇත. ඔබ විසින් පෙර භවයේදී කරන ලද පුණ්‍ය ක‍්‍රියා හේතුවෙන් ඔබට මෙම භවයේ දී ගෞරව බහුමාණ්‍ය ලැබෙයි. ඒ නිසාම ඔබට විශාල ජනතාවකට සෙත සලසන ආකාරයේ සේවාවන් කිරීමට ඔබට සිදුවෙයි.

මෙම තැනැත්තා බුදුන් වහන්සේ සමග ද සම්බන්ධතාවයන් ඇති අතර ඊට හේතුව මේ තැනැත්තා පෙර භවයේදී උන්වහන්සේ සමග එකට වැඩ කිරීම නිසාය.

ඒ නිසාම ඔබ වැඩිහිටි ජනතාව අතර ආගමික මෙහෙයන් කිරීමෙන් මෙම රටෙහි ගෞරවාදරයට පත්වෙන්නේ. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු එම ස්ථානයේ වගකීම්, කටයුතු ඔබට පැවරෙයි.

ඒ අතරතුර ඔබට පැවරී ඇති පරිපාලනමය කටයුතු ද කිසිදු අඩුපාඩුවකින් තොරව කර ගෙන යෑමට ඔබට අවස්ථාව උදාවෙයි. ඒ හේතුව නිසාම අනෙක් අයගේ ගෞරවාදරයට ඔබ පත් වෙයි.

දැනට ඔබ 99 වියෙහි පසු වුවද අනාගතයේ දී ඔබ සෞඛ්‍ය සම්පන්නව ප‍්‍රීතිමත්ව සිටින අතර තවදුරටත් ඔබ ලෝකයාට විශිෂ්ඨ සේවාවක් කරනවා ඇත. එසේම මෙම කරදරකාරී රටට තවදුරටත් ආශිර්වාද කරමින් රටේ ජාතික නායකයන්ට අවවාද අනුශාසනා ලබා දෙයි. ඔබ දීර්ඝායුෂ විඳීම පිළිබඳව අනෙක් අය ඉමහත්් ප‍්‍රීතියට ද අමන්දානන්දයට ද පත්වෙයි. විලියම් ඔබේ නම වශයෙන් මෙම කාණ්ඩයෙහි දැක්වෙයි. එසේම ඔබ භික්ෂුවක් වූ පසු ඔබට ආනන්ද මෛත්‍රෙය නම හිමි වුණා. ඒ නම මෙම කාණ්ඩයට ඇතුළත් වෙලා තියෙනවා. මැතියෙස් සාමි පියාගේ නමයි. හීන්මැණිකේ මවගේ නමයි. මෙම තැනැත්තාට මවගෙන් සහ පියාගෙන් ලැබිය යුතු ආදරය සහ සෙනෙහස ලැබී නොමැත.

එහෙත් බුදුන් වහන්සේගේ ආශිර්වාදය සහ මග පෙන්වීම නිසා මෙම තැනැත්තාට ගෞරවාන්විත නාමයක් ලෝකයාට සේවය කිරීම සඳහා හිමි වී ඇත.

බදුල්ලේ මෛත‍්‍රී රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment