බලංගොඩ නාහිමි නාඩි වාක්‍යයෙන් මිතුරෙකුට බෙහෙත් කිවූ හැටි

597

බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ පුනර්භවය

බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ පුනර්භවය ගැන විමසූ විට අගස්ති සෘෂිවරයා ඊට පිළිතුරු දී තිබේ. ඒ අනුව මීට පෙර නාඩි වාක්‍යයන්හි කිවූ පරිදි ලග්න විස්තර හා මව – පියාගේ නම් කියන උන්වහන්සේගේ පුනර්භවය ගැන කියා තිබේ.

ප‍්‍රශ්නකරු වන ‘‘කුංචන් මහත්තයන්’ හට ඝෘෂිවරයා පිළිතුරු දී ඇත්තේ මෙලෙසිනි.

ඔහුට නැවත උත්පත්තියක් නැත. දෙවියන් විසින් ඔහු ගෙන ගොස් ඇත. ඔහු දෙවියන් අතරට පත්ව තිබේ. දෙවියන් අතරට වී තමන්ගේ පුරුදු ගාථා සජ්ඣායනා කරමින් සිටී.

බලංගොඩ මහ නාහිමියන් තම හිතවතකුගේ නාඩි කියවා ඇති අවස්ථාවක්

අදාළ පුද්ගලාට ඖෂධ නියම කළ හැටි බලංගොඩ නාහිමියන් සිය දින පොතෙහි සටහන් තබා ඇත්තේ මෙසේය.

  1. පරමාර්ථයානට නුවණ දුන් කතරගම දෙවියන් වැඳ අගස්ති බෙහෙත් කියයි.
  2. ප‍්‍රන්සිස්ගේ කේන්ද්‍රය. මොහු ඇදුම රෝගයෙන් (වෙප්පු වායු) ආමාශයේ උෂ්ණවායු මුල්ව පෙළෙයි. නොයෙක් උත්සාහ කළත් සුව නොවෙයි.
  3. මේ ලෙඩ දිගටම පවතී. නොයෙක් උත්සහ කළත් සුවනොවේ. එන්ට එන්ටම ජරාපත් වෙයි.
  4. දකුණු මලබාරයේ ආර්යද්‍ර ශාලා කොටකල් හරහා දකුණු මලබාර් දිස්ති‍්‍රක්කයට ලිපියක් ලියා යැවිය යුතුයි.
  5. එහාට ලියා යැවිය යුතුයි. එවිට උත්තරයක් ලැබෙයි. බෙහෙත් එවයි. එය ගෙන වළඳනු. ලෙඩ සුවවෙයි. අපහසුකම් ඇතිවන්නේ කය මහලූ බැවිනි.
  6. ඇඟ දුර්වල වෙයි. නමුත් සුඛිත වෙයි. වෙද හලෙන් බෙහෙත් මෙපමණි දිය හැක්කේ.

බලංගොඩ නාහිමි නාඩි වාක්‍යයෙන් මිතුරෙකුට බෙහෙත් කිවූ හැටි

කුඩා ළමයෙක් සඳහා කළ ප‍්‍රතිකර්මයක්

පාර්වතී දේවියට නමස්කාර කොට වශිෂ්ඨ සහ විශ්වමිත‍්‍ර කුඩා ළමයෙක් සඳහා ආයුර්වේද ඖෂධ කියනු ලබයි.

ඔහුගේ කේන්දරයේ ග‍්‍රහ පිහිටීම මෙසේයි.

ගුරු ධනුවේ, චන්ද්‍රයා කන්‍යාවේ, රවි කුම්භයේත්, ශනි ලග්නයේත්, බුධ සිංහයේත්, බුධ සිංහ

ලග්නයේත් බුධ සහ ශුුක‍්‍ර මකරයේත් රාහු මේෂයේත්

පියාගේ නම සොලමන්

මවගේ නම සිරිමාන්න

දරුවගේ නම ඩයස් හෙවත් පනිඩරම්

  1. මෙම දරුවාට ඇති අපල නිසා ජීවිතයට පවා හානි ඇතිවීමට ඉඩ ඇත.
  2. ඔහුගේ ජීවිත කාලය පුරාම බරපතළ (Grandan) මෙම රෝගය වසර තුනක් තියෙනවා. 3 වන අවුරුද්දේ උපන් දිනයට පසුව විවිධාකාරයේ රෝග හැදෙනවා. කැස්ස සෙම්ප‍්‍රතිශ්‍යාව වාත අමාරු.
  3. වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම පිණිස 12 වැනි වියේදී ඔහුට ජලයෙන් රෝගයක් සෑදෙනවා. එසේ එම රෝගයෙන් හානියක් නොවී සුවපත් වෙනවා.
  4. කරුම කාණ්ඩයේ කියා ඇති දේ සහ ඖෂධ කාණ්ඩයේ සහ දීර්ෂ කාණ්ඩයේ ඔහුට වැළඳෙන දරුණු උණ රෝගය සුවපත් වෙන අතර දැනටමත් සිදුකර ඇති පුද පූජා නිසා
  5. වයස අවුරුදු 28-31 තුළ ඔහුට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති වෙයි. වයස අවුරුදු 40 කාලයේදී ඔහුට දරුණු (Grandan) සුළගේ ආශ්වාසය හේතුවෙනි. එනමුදු ඔහු එයින් ද සුවය ලබයි.
  6. 49 වියේදී ඔහු පෙරට වඩා දුර්වලවෙයි. වයස 58 දී (Grandan) ඔහුට රෝද පුටුවෙන් ගමන් කරන්නට සිදුවයෙි. ඔහුව රෝද පුටුවෙන්

ගමන් කරන්නට සිදු වුවද ඔහු ඉන් සුවපත් වෙයි. එහෙත් අනපේක්ෂිත ලෙස වෙනත් ශාරීරික ආබාධ ඇති වෙයි.

  1. මෙසේ තිබුණ ද ඔහු වයස අවුරුදු 71 දක්වා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ජීවත්වෙයි.

මහ නාහිමියන් කතරගම දේවාලය ඉදිකිරීම පිළිබඳව නාඩි වාක්‍ය තුළින් ලබාගත් තොරතුරු

කතරගම දේවාලය

ප‍්‍රශ්නකරු ආනන්ද මෛත්‍රෙය

ඔහුගේ පියා මතියෙස් අප්පුහාමි

ඔහුගේ මව හීන් මැණිකේ

  1. ශිව පාර්වතී ගණේෂ් සුබ‍්‍රමනියම් යන දෙවිවරුන් සඳහා කෝවිලක් කිරීමට ප‍්‍රමාණය කොපමණ විය යුතු දැයි ප‍්‍රශ්න කරයි.

2.කෝවිල ලොකුවට හෝ කුඩාවට සෑදිය යුතු දැයි ප‍්‍රශ්න කරයි

බලංගොඩ නාහිමි නාඩි වාක්‍යයෙන් මිතුරෙකුට බෙහෙත් කිවූ හැටි
  1. එහි බිත්ති (තාප්ප) නැගෙනහිරට අඩි 298 ක් දිගට ද දකුණේ සිට උතුරට අඩි 267 ක් ද පළලට බැන්ද යුතුයි. අඩියක උස ගල් පඩි බැන්ද යුතුයි. මුළු වත්තේම ප‍්‍රමාණය අඩි 70 කි. ග‍්‍රවුන්ඞ් එකේ දිග අඩි 60යි පළල අඩි 40 යි.

සුබ‍්‍රමනියම් ප‍්‍රතිමාවක උස අඩි 1 යි.

හැම රූපයක්ම උස අඩියකට

නොවැඩිය විය යුතුයි.

කෝවිලේ නාමය සුබ‍්‍රමනියම් දෙවොල

නමින් විය යුතුයි.

මහ නාහිමියන් ගෞතම බුද්ධෝත්පත්තිය

කවර වී දැයි ප‍්‍රශ්න කරයි

ප‍්‍රත්‍යෙය කාණ්ඩයක්

  1. ලෝක මාතා වැඳ ප‍්‍රත්‍යෙය කාණ්ඩයක් කියවමි.

මොහුගේ පියා මෙතියස් අප්පුහාමිය. මව හීන්මැණිකේය. මොහුගේ ප‍්‍රධාන නම ආනන්ද මෛත්‍රෙය. තවත් නමක් විලියම්ය. ලග්නය වෘෂභ එහි කුජ සිංහයෙහි ද, රවි ගුරු කේතු කන්‍යාවේ, බුධ තුලාවේ, ශනි කුම්භයේ, රාහු චන්ද්‍ර මෙසේ ග‍්‍රහයෝග ඇතිව උපන් හෙතෙම ගෞතම බුද්ධෝත්පත්තිය කවර වී දැයි ප‍්‍රශ්න කරයි.

මේ ප‍්‍රශ්නයට උත්තර දෙමි.

  1. මෙතුමා උපන්නේ මේ ප‍්‍රශ්නය අසන වර්ෂයෙන් අවුරුදු 2526 කට පෙර වෘෂභ රවියෙහි වෙසක් මස පසළොස්වකදා විසා නැකැතෙනි.

(මෙම කියමන පරිදි 1965 වනවිට බුද්ධ පරිනිර්වානය වර්ෂය 2460 විය යුතුය.) (නා හිමියන්ගේ සටහනකි)

  1. එතුමාගේ ලග්නය කටකයි. උපන් මොහොතේ පෙර නිමිති වශයෙන් අහසෙහි හිරු මඬල වටා වක‍්‍රකාර සටහනක් පහළ වීම සිදුවිය. එතුමාගේ කරුණා නමැති වැස්ස වස්සන්ට පෙර නිමිත්තක් වශයෙන් මෙන් සිහින් වැස්සක් වැස්සේය.

මෙහි විස්තර කාක බුජන්ධර මහා කාව්‍යයෙහි දත යුතුය.

බදුල්ලේ මෛත‍්‍රී රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment