බලන්ගොඩ නගර සභාපති සහ මාවනැල්ල ප‍්‍රා. ස. සභාපති ධුරයෙන් නෙරපයි

164

බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධුරවලින් වහාම ඉවත් කිරීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් පියවර ගෙන තිබේ.

එම සභාපතිවරුන් ඉදිරිපත් කළ අයවැය යෝජනා පරාජය වීම නිසා ඔවුන් දෙදෙනාගේ ධුරයන් පුරප්පාඩු වූ බව තමාට පැවරී ඇති බලතල අනුව සලකන බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ. බලන්ගොඩ නගර සභාවේ සභාපති චාමික ජයමිණි

වැවේගෙදර සහ මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති චන්දන කුමාර ජයවර්ධන මහත්වරුන්ගේ ධුරයන් ඉවත් කරන ගැසට් නිවේදනය පෙරේදා (15දා* නිකුත් කර තිබේ. නගර සභා පනතේ 255 අධිකාරිය 178 හා 2012 අංක 21දරන පළාත් පාලන ආයතන පනතට අනුව 12 වැනි වගන්තිය යටතේ බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයාගේ ධුරය ඉල්ලා අස්වූවා සේ සලකනු ලබන බවද ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ. බලන්ගොඩ නගර සභාවේ සහ මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්ගේ වැඩ බැලීම එහි උප සභාපතිවරුන් වෙත ලබාදීමටද ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ.

බලන්ගොඩ නගර සභාවේ අයවැය පළමුවර ඉදිරිපත් කර එය සම්මත වූ බව එහි සභාපතිවරයා නිවේදනය කළ අතර පසුව සබරගමු ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් දෙවැනි වරට ඉදිරිපත් කළ අවස්ථාවේදී පරාජයට පත්විය. බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති චාමික වැවේගෙදර මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව එහි පාලන බලය පිහිටුවා තිබුණි.

කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment