බලපත්‍ර නැති තිදෙනකුගෙන් බිලියන 6.02 ක විදුලිය අරන්

175

විදුලිබල මණ්ඩලය විසින් ජනන බලපත්‍ර ලබා නොගත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් තිදෙනකුගෙන් අධික මිලක් ගෙවා 2021 වසරේදී රුපියල් බිලියන 6.02 ක් වූ ගිගාවොට් 261.32 ක විදුලිය මිලදී ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

විදුලිබල පනතේ 7 (1) සහ 43 (1) වගන්තිවලට පටහැනිව නියාමකගෙන් බලය ලබා නොගෙන, උත්පාදන බලපත්‍රයක් ලබානොගත් විශ්‍රාමලත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් තිදෙනකුගෙන් අධික මුදලක් ගෙවා විදුලිය මිලදීගෙන තිබූ බව විගණනය මගින් අනාවරණය කර ඇත. විදුලිබල ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 16.37 ක් පැවතියදී මෙකී නිෂ්පාදකයන්ගේ බලාගාර තුනකින් හා මෙගාවොට් 24 ක අතිරේක බලාගාරයකින් ඉකුත් වර්ෂය තුළදී වැඩි මිලට විදුලිය මිලදී ගෙන තිබුණි. ඒ අනුව විදුලි ඒකකයක පිරිවැය පිළිවෙළින් රුපියල් 21.75 ක්, රුපියල් 25.26 ක්, රුපියල් 24.97 ක් සහ රුපියල් 88.85 කට අධික පිරිවැයක් දරා විදුලිය මිලදී ගෙන තිබිණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment