බලයට ආශාවෙන් බෙදෙන්නේ නැතිව එක්ව වැඩ කළ යුතුයි:

122

ජී. එල්. – ඩලස් ගියවිට කැප්පෙටියාගොඩ අනුනාහිමියෝ කියති

ජනතාව කෑම ටික හදලා දුන්නා. දැන් හදලා දුන්න කෑම ටික කන්න බැරිව සිටිනවා යයි විවිධ හේතු දක්වමින් රජයෙන් වෙන්වී සිටින හිටපු මැති ඇමැතිවරුන් පිරිසකට ගැටඹේ රාජෝපවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමින්ද්‍රයන් වහන්සේ පැවසූහ.

ශ්‍රී ලංකා පොදු පෙරමුණ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, නව දේශපාලන පක්‍ෂයේ නායකයන් වන ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඊයේ සිකුරාදා මහනුවරට පැමිණි අවස්ථාවේ අතිපූජ්‍ය අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමීන්ද්‍රයන්වහන්සේ ද රාජෝපවනාරාමයේදී බැහැදුටුවහ.

ශ්‍රී ලංකාව මුහුණපා සිටින වත්මන් දේශපාලන හා ආර්ථික ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරුණු දක්වමින් රට අගාධයට ගමන් කරමින් තිබෙන බව පැවසූහ.

සර්වපාක්‍ෂික රජයක් ගොඩනගන බවට පොරොන්දුවෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කර ගත් නමුත් සර්වපාක්‍ෂික රජයක් නිර්මාණය වන බවක් දක්නට නැති බව මන්ත්‍රීවරු කියා සිටියහ.

බලයට තිබෙන ආශාවෙන් එකිනෙකාට විරුද්ධව චෝදනා එල්ල කරමින් වගකීමෙන් බැහැර වන ස්වභාවයක් දක්නට ලැබෙන බව එහිදී අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැවසූහ.

බලයට තිබෙන ආශාවෙන් බෙදීවෙන්වී සිටීම පසෙකලා සමගිව කටයුතු කරමින් ජීවත් වීමට අපොහොසත්ව සිටින මේ රටේ ජනතාවට සහන සලසා දීමට කටයුතු කිරීම පාර්ලිමේන්තුවට පත්වී සිටින සියලුම මැති ඇමැතිවරුන් වගකීමක් කරගත යුතු යැයි ද උන්වහන්සේ පැවසූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment