බලය වෙනුවෙන් ජනතාව රවට්ටන බව පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඔප්පු කළා – ඕමල්පේ සෝභිත හිමි

192

එදා රනිල් වික්‍රමසිංහ මහතා ජාති ද්‍රෝහියෙක් ලෙස කලක් හංවඩු ගැසූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ම අද ඔහු ජනාධිපති කරවීමට ක්‍රියාකර ඇත්තේ බල ලෝභය සඳහා ඕනෑම බොරුවක් කර ජනතාව රැවැට්ට වීමට සමත් පිරිසක් බවට ඔප්පු කරමින් යැයි දක්‍ෂිණ ලංකාවේ අධිකරණ සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ සිට විමල් වීරවංශ ඇතුළු පිරිස් රනිල් වික්‍රමසිංහ මහතාට ජාතිද්‍රෝහී හංවඩුව ගසා ඔහු දේශපාලනයෙන් ඉවත්කර දැමීමට ක්‍රියා කළ බවත් ඒ අයම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට ක්‍රියාකර ඇත්නම් මේ අය එදා කීවේ බොරු ද කියා සිතීම සාධාරණ බවත් උන්වහන්සේ කීහ. ජනතා අරගල උද්ඝෝෂණ සියල්ලට ම කන්දෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවත් දැන් ඒ පිහිටෙන් ඔහු ජනාධිපති තනතුරුට පත්ව ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment