බලශක්ති ලේකම් හිර කරයි

230

තෙල් සංස්ථාව සතු සිපෙට්කෝ ඉන්ධනහල් පෞද්ගලීකරණය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාව අහෝසි කරන ලෙස බලකරමින් තෙල් වෘත්තීය සමිති සාමාජිකයන් ඊයේ (27 දා) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පැය හතරක් පමණ කාර්යාලයේ රඳවා ගෙන සිටීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

අමාත්‍යාංශ ලේකම්වරයා හමුවී ඊයේ සවස 4.00 ට පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ සිපෙට්කෝ පිරවුම්හල් පෞද්ගලීකරණය කිරීමේ කැබිනට් පත්‍රිකාව අහෝසි කරන ලෙස ලේකම්වරයා හමුවී සාකච්ඡා කළ බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා පැවසීය.

එම කැබිනට් පත්‍රිකාව තමාට අහෝසි කළ නොහැකි බව ලේකම්වරයා ප්‍රකාශ කිරීමෙන් පසු වෘත්තීය සමිති සාමාජිකයෝ එම කැබිනට් පත්‍රිකාව අහෝසි කරන ලෙස බල කරමින් ලේකම්වරයා පැය තුනක පමණ කාලයක් ඔහුගේ නිල කාමරයේ රඳවාගෙන සිටියහ.

විරෝධතා දැක්වූ වෘත්තීය සමිති සාමාජිකයන් මුලින්ම විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා හමුවීමට අමාත්‍යාංශයට ගොස් ඇති අතර ඇමැතිවරයා එහි සිට නැත. එහිදී ලේකම්වරයා සිය නිල රථයෙන් අමාත්‍යාංශයෙන් පිටව යෑමට උත්සාහ කර ඇති අතර වෘත්තීය සමිති සාමාජිකයන් මඟ අහුරමින් පැයක් පමණ ලේකම්වරයා වාහනයේ රඳවාගෙන ඇත. අනතුරුව ලේකම්වරයා නිල කාමරයට යෑමෙන් පසු උද්ඝෝෂකයන් ඉන්ධනහල් පෞද්ගලීකරණය කිරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අහෝසි කරන ලෙස ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත. එයට පිළිතුරු දෙමින් ලේකම්වරයා තමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් තමාට අහෝසි කළ නොහැකි බව පවසා තිබේ.

එහිදී උද්ඝෝෂකයෝ ලේකම්තුමනි, මේ අහන්න අපේ හඬට සවන් දෙන්න” ඇතුළු විවිධ සටන් පාඨ කියමින් ලේකම්වරයා පැය 3 ක් පමණ ඔහුගේ නිල කාමරයේ සිරකර ගෙන සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment