බලහත්කාරයෙක් රැගෙන ගිය බිරිඳ ඉල්ලා තරුණයා අඩි 200 ක් උස කුලූනකට නගී

876

ඥාතීන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය සිය බිරිඳ ආපසු තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව තේක්කවත්ත ප‍්‍රදේශයේ තරුණයකු අඩි 200ක් පමණ උස දුරකතන සම්පේ‍්‍රෂණ කුලූනකට නැග පැය පහක් තිස්සේ විරෝධතාවක නිරත වූහ.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ශබ්ද වාහිනී යන්ත‍්‍රයක ආධාරයෙන් තරුණයාට ඔහුගේ බිරිඳ ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසුව තරුණයා කුළුණෙන් බැසීමට කැමති වුවත් ඔහුගේ මානසික ආතතිය හා තුවාල ලබා තිබීම නිසා කුළුණෙන් බැසීමට නොහැකි වී තිබුණි. ප‍්‍රදේශවාසීන්ගේ සහය මත තරුණයාව බිමට බස්සවා

ගැනීමෙන් පසුව ඔහු වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. 19 වෙනි වියේ පසුවන මෙම තරුණයා මල්ලාවී ප‍්‍රදේශයේ තරුණියකට ආදරය කොට ඇයව තරුණියගේ දෙමව්පියන්ගේ අකැමැත්ත මත විවාහ කරගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment